මා ජනාධිපති වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවෙයි..- ජනපති
November 29, 2017 at 12:09 am | lanka C news
රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලූ ජාතින් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධූරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප්‍රජාව සමග හමුවකට (28) සෝල් නුවර දී එක්වෙමිනි.
වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍යයින් ඇතු`ථ විවිධ ක්ෂේත්රවල කටයුතු කරන ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
තමා බලයට පැමිණියේ රට පැවතියාට වඩා හොද තත්ත්වයකට ගෙන ඒමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමේ පිවිතුරු චේතනාවෙන් ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවත්වීමට හැකි පිරිසරයක් ගොඩනැගීම තම අරමුණ බව කියා සිටියේය.
එමෙන්ම තමා රට භාරගත්තේ යුද හමුදාව දුර්වල කිරීමට හෝ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට නොවන අතර, මාතෘ භූමිය වෙනුවෙන් අංක 01 ට ඉටුකළ යුතුව තිබූ කාර්යයක් වූ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගැනීම තම ප්රමුඛ අරමුණක් වූ බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය
ලෝකයේ බලවතුන්ගේ උදහසට ලක්ව සිටී ශී‍්‍ර ලංකාව යළි ජාත්‍යන්තරයට සමීප කිරීමට ඉකුත් වසර 03 තුළ තමා සමත්වූ අතර, කවුරුන් කෙසේ කීවද අද තමන් රට වෙනුවෙන් සමස්ත ලෝකයම දිනාගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
එම යහපත් විදේශ ප්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර යුද අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවරුන් මෙන්ම විදුලි පුටුව ගැන කථා කළ පොත වසා දැමීමට, කටයුතු කළ ද ඉන් ජීවත්වන අතැම් පිරිස් එම පොත වසා දැමීමට සූදානම් නොමැතිව ජාත්‍යන්තරය හමුවේ අප විසදාගත් කරුණු පිළිබ`දව ද තවමත් කථා කරමින් සිටින බව ප්‍රකාශ කළේය.
අද සමස්ථ රට තුළම විශාල සංවර්ධනයක් සිදු කරමින් සියලූ ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමේ සංහිදියා වැඩපිළිවෙළ ඉටුකිරීම ස`දහා ද රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා ස`දහන් කළේය.
තම සංචාරයේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් හිමිවූ උණුසුම් පිළිගැනීම පිළිබ`දව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය නායකයෙකු නිල ආරාධනයක් පරිදි රටකට පැමිණිවිට රාජ්‍ය නායකයින් එකිනෙකා හමුවූයේ නිල හමුව අවස්ථාවේදී වුව ද එම සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කළ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා නිල හමුවට පෙර තමන් සමග මිත්‍රශීලි හමුවකට එක්වෙමින් පැයකට ආසන්න කාලයක් ගත කළේ ශී‍්‍ර ලංකාව සහ ජනතාව කෙරෙහි පවතින ගෞරවය නිසා බවයි.
2015 ජනවරම ඉටුකිරීම ස`දහා අභියෝග හා බාධක නොතකා කටයුතු කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලාංකික සංගමය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ අතර, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා බලපත්‍ර ක්‍රමයක් හ`දුන්වාදීම ස`දහා ගිවිසුමක් අත්සන් තැබීමට කටයුතු යෙදීම පිළිබ`දව ද ස්තූතියි පිරිනැමීය.
දකුණු කොරියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රන්ජිත් සියඹලාපිටිය, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
You can’t tell this while staying with the betrayers….
You don’t know what is happening….
It is too late when you see them in The papers.
WE HAVE A BIG QUESTION ABOUT YOUR KNOWLEDGE ABOUT THE COUNTRY…
IF YOU REALLY WANT TO DEVELOP OUR COUNTRY…
DO NOT TRUST PEAPLE LIKE RANIL & CHANDRIKA…
THEY USE YOU TO
ඔහේ කොරොලා ඉවරයි, තවත් කොරොන්න දෙයක් නැහැ, අපේ අනාගත පරම්පරාව තමයි කියන්නේ ඔහේගේ වලටත් හෙණ ගහපන් කියලා හිටන්
ඔහේගේ වලට විතරක් නෙවෙයි ජිවත් වෙලා ඉන්න ඔහේගේ ළමයින්ටත් හත්මුතු පරම්පරාවේ එවුන්ටත් හෙන ගහපන් කියල තමයි අපි නම් පතන්නේ .ඔහෙට ඔහේගේ ළමයින්ට සහ පරම්පරාවේ හැත්තට හොඳක් වෙන්න විදියක් නෑ එදා අපේ රජදරුවන් ගොඩ නැගු රට පරදේශක්කාරයන්ට පාවල දෙනවට .බලතන්හාවට රට පාවල දුන්නු පවිට්ටා ට හොඳක් වෙන්න එපා දෙවියනේ
VES munu badan avata API Naha Ravetene.
Okkoma kapatikam horamarakam karala baba wennada kalpanawa.
Don’t talk nonsense Mr. President…
You are like a small kid..
Playing games with our beautiful country..
මා බලයට පත්වුනේ දෙමල මුස්ලිම් ජාතියට
ද්‍රෝහී වීමට නොවේ. ලෙස නිවැරදි විය යුතුයි
Best Comment and most true comment!!
ඔබ ජාති ද්‍රෝහියෙක් වෙල ඉවරයි.
ඒ උනාට එහෙම කෙනෙක්නෙ ඔයා, boss
Yuda aparada piriksumata office ekak arinna dunne…mona magulakatada…ape rana wiruwo hire daala inna mona magulakatada…maha bankuwa horakanna dunne ..ape sammpath wikunanne…mona…..?…kianna dewal godak thiyenawa….boru kaiwaru gahanna epaaaaa
බේබිලත් ගියැයි කොරියාවෙ?