මා ජනාධිපති වූ පසු දහම් පාසැල් සිසුන්ට දිවා ආහාරය නොමිලේ.. නිල ඇදුම් නොමිලේ..
August 27, 2019 at 8:40 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයගෙන රටේ ජනාධිපති වූ පසු මෙරට සියලු දහම් පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සහ දහම් පාසල් නිළ ඇඳුමක් නොමිලේ සපයන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එළඹෙන නොවැම්බර් මාසයේ දී මේ රටේ ජනතාව ඒ සඳහා නිවැරදි තීන්දුවක් ගන්නට ඇති බව තමන් විශ්වාස යැයි ද ඔහු සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.