මා ජාතික වගකීම ඉටුකල නායකයෙක්.. – හිටපු ජනපති

February 4, 2021 at 4:40 pm | lanka C news
මා ජාතික වගකීම ඉටුකල නායකයෙක්.. – හිටපු ජනපති

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති නිදහස් දින පණිවුඩය මෙහි දැක්වෙයි.

නිදහස් දින පණිවුඩය

යටත් විජිත ජාතියක් ලෙස විදෙස් බලපෑම්වලට නතුවූ මාතෘ භූමියට නිදහස ලැබීමේ 73 වන සංවත්සරය අප අභිමානයෙන් සමරන්නෙමු.

ජාතියේ නිදහස උදෙසා සිය රුධිරය මෙන්ම දහදිය වැගිරූ සියලු විරුවන්ට සැමදා ප්‍රණාමය හිමිවන අතර දේශද්‍රෝහීන් ලෙස නම් වූ කැප්පෙටිපොළ දිසාවේ ප්‍රමුඛ විරුවන් දේශප්‍රේමීන් ලෙස ඔසවා තැබීමේ ජාතික වගකීම ඉටු කළ නායකයෙකු ලෙස මා සැමදා තෘප්තිමත්ය.

දේශයේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාව හා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික, දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අප කැපවිය යුතුය.

ආර්ථික මර්මස්ථාන හා භූගෝලීය වශයෙන් වැදගත් ස්ථාන ආක්‍රමණය කොට ආධිපත්‍ය පැතිරවීමට ගන්නා නව ගෝලීය යටත්විජිතවාදී ප්‍රවනතා අප හඳුනාගත යුතු අතර රට පෙරට ගෙන යාමේ නව ප්‍රවේශයන්හි දී ශක්තිමත්ව හා බුද්ධිමත්ව ක්‍රියා කිරීම අප සැමගේ වගකීමකි. ජාතික සම්පත් හා ශ්‍රී ලාංකේය උරුමය ආරක්ෂා කර ගනිමින් බියෙන්, සැකෙන් තොර සමාජ දේශපාලන වාතාවරණයක සියලුදෙනාට අභිමානවත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අපේක්ෂාව මල් ඵල ගැන්වෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් සුපෝෂණය වූ සමෘද්ධිය හා සෞභාග්‍යය සපිරි රටක් ප්‍රාර්ථනය කරමි.

2021 පෙබරවාරි මස 04වන දින
මෛත්‍රීපාල සිරිසේන
හය වන විධායක ජනාධිපති

27,394 views

24 Comments to “මා ජාතික වගකීම ඉටුකල නායකයෙක්.. – හිටපු ජනපති”

  1. Thilak says:

    Above most of comments exactly Correct,destroyed the country and society

  2. PULATHISI says:

    2009 මානුෂික ජයග්‍රහණයෙන් පසු ඉතා සැලසුම් සහගතව තිරසාර සංවර්ධන මාවතකට අපේ රට යොමු කළ එදා මහින් ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජය කුමන්ත්‍රණකාරී ලෙස ජත්‍යන්තරයේ සහායද ඇතිව පෙරළා දමා 2015 දී යහපාලනය නමින් ජඩපාලනයක් ඇති කොට අපේ රට අගාධයට ඇද දැමූ දේශ ද්‍රෝහීයා ලෙස අපේ ඉතිහාසයේ ලියවී හමාරය. එසේ ලියවී ඇත්තේ ඔබේ දේශපාලන මස්සිනා වන රනිල්ගේ නමත් සමගය.

  3. මෝ says:

    ඔව් ඔව්.හැමදේම හොදින් කලා.ඒත් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන පිටරට පැන්නා අහිංසක මිනිසුන්ට මැරෙන්න ඇරලා.ජාතික ආරක්ශාව ගැන බිදක්වත් නොසිතා විරිදු කවි සිංදු බයොලා ගැහැව්වා.අන්න බඩු සෙට්ලු ඔබතුමාට.

Main News