මා නැවත ජනාධිපතිවරණයට තරග නොකරමි.. නව ව්‍යයවස්ථාවෙන් විධායකය අහෝසියි.. – ජනපති

November 7, 2016 at 8:40 am | lanka C news
මා නැවත ජනාධිපතිවරණයට තරග නොකරමි.. නව ව්‍යයවස්ථාවෙන් විධායකය අහෝසියි.. – ජනපති

ඉරිදා සන්ඩේ ටෛම්ස් ඉංගිරිසි පුවත්පත සමඟ පැවත්වූ සම්මුඛ සාකච්ඡාවේදි ජනාධිපතිවරණය සහ ඒ සම්බන්ධ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අසන ලද ප්‍රශ්න පිලිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය- නව ව්‍යයවස්ථා මේ වසර නිමවීමට පෙර ලැහැස්තිද?
පිලිතුර-ඒක මේ වසරේදි සිදු වෙන්නේ නැහ, අපේ බලාපොරොත්තුව එය ලබන වසරේදි සිදු කිරීමටයි.

ප්‍රශ්නය-ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද?
පිලිතුර-ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබෙනවා, ඒ අනුව එහි සඳහන් සෑමදෙයක්ම එහි සඳහන් ආකාරයෙන් ක්‍රියාත්මක කල යුතුය,

ප්‍රශ්නය-ඔබ සඳහන් කලා රටේ ජනාධිපතිවරයා හැටියට එක් වරක් පමණයි බලයේ ඉන්නේ කියා. ඒ ස්ථාවරය ඒ ආකාරයෙන්ම ඔබ සිටීනවද?
පිලිතුර-මම කිව්වාදේ ඒ ආකාරයෙන්මයි, එය වෙනස් කරන්නේ නැහ.

පුරා මැද පිටු දෙකම ආවරණය වන පරිදි මෙම සම්මුඛ සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ලබාදි තිබුනි. ඉහත කරුණු අනුව ජනාධිපතිවරයා 2015 ජනවාරි 8වෙනි දින පැවැත්වූ ජනාධිපතිවරණයේන් පොදු අපේක්ෂකයා ලෙස තරග කොට ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරිපත් කල ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ යන ප්‍රතිපත්ති ප්‍රකාශනය එදා මුල් වරට අති පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන් වෙත පිලිගැන්වීය.

වර්තමාන ව්‍යවස්ථාව අනුව තව මාස 36 කට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට පැවත්විය යුතුය. එහිදි ශ්‍රීලංකාවේ දේශපාලනය තුල කිසිවකු නොසිතු ලෙස විශාල වෙනස්කම් දැකිය හැකි වනු ඇත.

83 views
Main News