මා නිදොස් කර නිදහස් කලා.. අත්අඩංගුවට ගන්නේ නෑ.. – ලංසා

October 3, 2016 at 7:06 am | lanka C news
මා නිදොස් කර නිදහස් කලා.. අත්අඩංගුවට ගන්නේ නෑ.. – ලංසා

තමන් අත්අඩංගුවට ගන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා පවසයි.

අදාල ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘නිමල් ලංසා අත්අඩංගුවට’ යන මැයෙන් පළවූ පුවත සංබන්ධවයි.

ඉහත සඳහන් පුවතේ කිසිදු සත්යතාවක් නොමැති බව ඔබතුමා වෙත කරුණාවෙන් දන්වා සිටින අතර එය තරයේ ප්‍රතික්ශේප කරම්.මීට පෙරද අවස්ථා දෙකක්ම විවිධ පුත්ගලයන් විසින් මට විරුද්ධව අල්ලස් කොමිසම වෙත සිදුකළ පැමිණිලි වලදි කොමිසම විසින් මා කැදවා විමර්ශන සිදුකළ අතර එහිදී මා කිසිදු ආකාරයක අයතා වත්කම් ඉපයීමක් සිදුකර නොමැති බවත් මාගේ තිබු වත්කම්ද ජනතා සේවය කිරීම හේතුවෙන් අඩුවී ඇති බව පැහැදිලිව පෙනී ගිය හෙයින් අල්ලස් කොමිසම එම චෝදනා වලින් මා නිදොස් කොට නිදහස් කරන ලදී .

ඉන්පසු තුන්වන වරටත් ගම්පහ එක්තරා දේශපාලකයෙකු විසින් මට විරුද්ධව අල්ලල් කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇති බව මෙම පුවත මගින් පෙනී ගියද ඒවැනි පැමිණිල්ලක් සඳහා පරීක්ෂණයකට කිසිදු කැදවීමක් මෙතෙක් සිදුකර නොමැති බවද දන්වමි.
ඒවැනි පරික්ෂණයක් සඳහා කැදවීමක් ලදහොත් නොපැකිලිව එයට මුහුණ දෙන බවද සදහන් කරමි .

තත්ත්වය එසේ තිබියදී දේශපාලන වශයෙන් මා සිදුකරන ජනතා සේවය ඉවසා සිටීමට තරම් හැකියාවක් නොමැති අදබාල දේශපාලනයේ යෙදෙන්නන් නිරන්තරයෙන් සිදුකරන මෙවැනි ප්‍රකාශ ඔබ පුවත්පතේ පළකිරීමෙන් එහි කීර්තිනාමයද විනාශ වන බව මාගේ හැගීමය.එබැවින් මෙම පදනම් විරහිත පුවත නිවැරැදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලම්.ඉටද පෙර පුවතට ලබාදුන් ප්‍රසිද්ධියම ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලම්.

ස්තූතියි
මෙයට විශ්වාස
නිමල් ලංසා
නියෝජ්‍ය අමාත්‍ය

6 views

2 Comments to “මා නිදොස් කර නිදහස් කලා.. අත්අඩංගුවට ගන්නේ නෑ.. – ලංසා”

  1. පුරවැසියා says:

    ඔව් ඉතින් අධිකරණය පට්ට සුවාදීන වෙනකොට එහෙම නොකර බෑනෙ.

  2. Notthischange says:

    Oya ekkama Mahindatath poddak banapanko. ethakotane heluwa lassanata penne…

Main News