මා පක්‍ෂයේම උදහසට ලක් වුනා..- WDJ

November 4, 2018 at 5:30 pm | lanka C news
මා පක්‍ෂයේම උදහසට ලක් වුනා..- WDJ

ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ අභීත තීන්දුවට ගරු කරමින් ස්ථාවර රජයක් ස්ථාපිත කරගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, එම නිසා අප කිසිවකු මේ අවස්ථාවේ අමාත්‍ය තනතුරු බලාපොරොත්තු නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. රත්නපුර පැල්මඩුල්ල ගොඩගම නිවසේ පැවති පාක්ෂික හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කලේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“මෛත්‍රී මහින්ද සමගිය වෙනුවෙන් මුල සිට විශාල බලාපොරොත්තුවකින් කැපවීමකින් තමයි මම කටයුතු කලේ. ඒ වෙනුවෙන් පෙනී සිටිම නිසා අපේ පක්ෂයේ වගේම, එක්සත් ජාතික පක්ෂයේ උදවිය වගේම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙනුත් විවේචනයට උදහසට මම ලක්වුණා.නමුත් අපි ගත්ත ඒ උත්සාහය අද යථාර්තයක් බවට පත්වෙලා. අතරමංව සිටි දෙකඩ බෙදී සිටි පාක්ෂිකයින් අද උද්දාමයට පත්වෙලා. දැන් අපිට  ඉදිරි මැතිවරණවලදී විශාල ජයග්‍රහනයක් ලැබෙන බව ස්ථිරයි. ”සෙනෙවිරත්න මහතා පැවසීය.

අපට දැන් අවශ්‍ය මේ රට වැටී ඇති අගාධයෙන්,විනාශයෙන් බේරා ගැනීමයි.මිනිස්සු විශාල ජීවන බරකින් මිරිකෙමින් ඉන්නේ.ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු සැණින් සහන රැසක් ජනතාවට ලබා දුන්නා. ඒ තමයි දහඩිය සුවඳ හඳුනන නායකයින්ගේ ස්වාභාවය. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගෙත් අදහස් සහ ප්‍රතිපත්තිවල ගැලපීමක් තියෙනවා.ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම,සංස්කෘතිය සභ්‍යත්වය ආරක්ෂා කර ගැනීම,දේශීය ආර්ථිකය කෘෂී කර්මාන්තය දියුණු කිරීම, ජාතික ආරක්ෂාව වැනි කාරණා ඒ අතර ප්‍රධානයි. පසුගිය පාලන කාලය තුළ තිබූ ප්‍රතිපත්තිමය නොගැලපීම් නිසා තමයි රට අගාධයට ගියේ.දැන් නැවතත් රට නියම පීල්ලට වැටිලා.ඒ නිසා නව වෙනසකින් ඇති කරගත් රජය ස්ථාපිත කර ගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් සිදු කිරීමට  කැපවෙන බවද සෙනෙවිරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

48,421 Viewers

4 Comments to “මා පක්‍ෂයේම උදහසට ලක් වුනා..- WDJ”

  1. Thilina says:

    Enapara Johna illuwoth udingma paraadhayi!

  2. UNP කාරයා says:

    අවුරුදු 25 ක්ම එකදිගට බලයේ ඉන්නෙ SLFP ජඩාදිපති ල ,ඉතින් රට මාරෙට දියුණු වෙන්න ඕනනෙ.ඇයි රටට කෙලවෙලා තියෙන්නෙ

    • Appachchi male naha says:

      UNP එකට මේ පාර වත් චන්දෙට දාගන්ඩ අපේක්ෂකයෙක් ඉදී නේද මචන්

  3. dyez says:

    රට ගැන ඇත්තටම හිතන, දේශීය සංස්කෘතිය අගයන, වමාංශයට දක්ෂිණාංශයට බර නැති, හොරමැරකම් නැති අපේක්ෂකයින් පිරිසක් පමණක් ඊළඟ ඡන්දයෙන් පත්කරගනිමු.

    වඩාත් සුදුසු වන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ නොවන, පරිණත වැඩිහිටි පුද්ගලයන් පත්කර ගැනීමයි.

Main News