මා පාර්ලිමේන්තු යා යුතු යයි බොහෝ දෙනා කියනවා.. දෙස් විදෙස් දේශපාලනය ගැන දන්නා මෙරට ඉදිරියෙන්ම සිටින තුන් හතර දෙනා අතරත් මා ඉදිරියෙන්මයි..

August 13, 2020 at 3:00 pm | lanka C news
මා පාර්ලිමේන්තු යා යුතු යයි බොහෝ දෙනා කියනවා.. දෙස් විදෙස් දේශපාලනය ගැන දන්නා මෙරට ඉදිරියෙන්ම සිටින තුන් හතර දෙනා අතරත් මා ඉදිරියෙන්මයි..

අපේ ජන බල පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් යයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ තමන් අතර කිසිම අර්බුදයක් නැති බවද උන්වහන්සේ පවසති.

2015 දී ඥාණසාර හිමි මැතිවරණයට තරග වැද ගත් ඡන්ද ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයක් මෙවර ලබා ගෙන ඇත්තේ තනි පුද්ගලයෙකු නිසා නොවන බවත් විශාල පිරිසකගේ කැපකිරීම නිසා බවත් රතන හිමියන් කියා සිටිති.

ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යා යුතු බව කියන පිරිසක් සිටිනා සේම තමනටද පාර්ලිමේන්තු යන්නැයි කියන පිරිසක් සිටිනා බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනය සම්බන්ධයෙන් දැනුවත් තුන් හතර දෙනා අතර තමන් ඉදිරියෙන්ම සිටින බවද පැවසූ උන්වහන්සේ ජාත්‍යන්තර සහ ජාතික දේශපාලනය ගැන විශාල දැනුමක් තමන් සතුව ඇතැයි ද කියා සිටියහ.

දැනට සැගව සිටින ලේකම්වරයා ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගැන සාකච්ඡා කිරීමට පැමිණිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

87,749 views

52 Comments to “මා පාර්ලිමේන්තු යා යුතු යයි බොහෝ දෙනා කියනවා.. දෙස් විදෙස් දේශපාලනය ගැන දන්නා මෙරට ඉදිරියෙන්ම සිටින තුන් හතර දෙනා අතරත් මා ඉදිරියෙන්මයි..”

  1. Alapaluwa says:

    දෙස් විදෙස් දේශපාලනය ගැන පමණක් නෙවේ මෙලොව පරලොව ගැනත් විශාල දැනුමක් තිබෙන බව ඥානසාර හිමියන්ද පැවසූ සේක.

    • kawinda says:

      hebei pansil pada piliwelin kaiyaaganna behene. saadu hithanna wage lokaya punchi nehe. thawamath lokui.

  2. ආලාපාලු රණවක says:

    රතන හාමුදුරුවන්ගෙ දුෂ්ඨ අභිලාෂය වන්නේ බලයට පත්වන ඕනෑම රජයකට සම්බන්ධවෙලා පුලුවන් තරම් වරප්‍රසාද අරගෙන අන්තිමට ඡන්දයට මාසයක් විතර තියල මොකක් හරි බොරු හේතුවක් කියල
    හෝ ඉටුකල නොහැකි ඉල්ලීමක්කර ඒ පිටදාල විරුද්ධ පක්ෂයට එකතු වෙන එකයි.

  3. Nimal R says:

    මොවුන්ගේ හැසිරීම බුද්ධාගමට විශාල කැළලකි . රතන කොහොම හරි ඥානසරට කටුව ගහල පාර්ලිමේන්තු එයි.

  4. exSLFP says:

    මෙයාට වඩා හොඳයි මැරවින් සිල්වා ට දුන්න නම් ඕක. ඇඳුමේ පාට විතරයි වෙනස්.

  5. Lol says:

    හාමුදුරුවනේ ඔබට පාර්ලිමේන්තු යන්න නෙමේ අපි ඡන්දය දුන්නේ ඥාණසාර හාමුදුරුවන්ට

  6. twitter says:

    Kalin parliament hitiya kiyala monavada kale ?
    BALA LOBHAYA

Main News