මා පොහොට්ටු සභාපති වීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක්..- හිටපු ජනපති

February 25, 2020 at 6:26 am | lanka C news
මා පොහොට්ටු සභාපති වීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක්..- හිටපු ජනපති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස තමන් පත් කිරීම පොළොන්නරු ජනතාව බලාපොරොත්තු වූ දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පවතින ආණ්ඩුවට එන මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දීමට කැපවී කටයුතු කරන බව ඔහු පැවසීය.

රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම සහාය දීමට කටයුතු කළ යුතු බවද ඔහු නියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත් වීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිලිගැනීමේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කරන ලදී.

445 views

26 Comments to “මා පොහොට්ටු සභාපති වීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක්..- හිටපු ජනපති”

  1. බන්දුට බඩේ පහර නොගසනු! හා ජනපතිගේ උතුම් දර්ශනය මැදට පැන පිනුම් ගසා ජනතාව හාස්‍යයට ලක් නොකරනු!

  2. Kadiya says:

    සිරිසේනට බලේ තිබුනානම් පොළොන්නරුවේ ගොවීන්ගේ වී ටික කොල්ලකන්න සහෝදරයට මේ සැරෙත් ඉඩ දෙනවා. ගෝඨාභය ජනාධිපති වෙලා සිරිසේනගේ පවුලේ වී නිධානය නැතිකළා.

  3. PULATHISI says:

    සිරිසේනට කළකම් පළදිය යුතුයි. පසුගිය වසර පහකට ආසන්න කාලයක් තුළ කරන ලද වංචා දූෂණ පමණක් නොව පාස්කු ප්‍රහාරයේ වගකීමද රනිල් සිරිසේන විසංයෝගය වගකිව යුතුයි. ඒ අපරාධයන්ට ඔවුන් දඬුවම් ලැබිය යුතුයි.