මා බලයට පත් වී මාස හයෙන් විසදුම දෙනවා..

June 27, 2022 at 6:13 am | lanka C news
මා බලයට පත් වී මාස හයෙන් විසදුම දෙනවා..

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60000කට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසදුම් ලබා දෙන බව සමගි ජන බලවේග දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවස්ථා 2ක දී පමණක් ආණ්ඩු බලය ලැබුණත් තමා විපක්ෂයේ සිටින කාලයේ 60000කට ආසන්න පිරිසක් දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහ මැතිවරණ සමය ආසන්න වන විට දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට නිසි සාධාරණයක් ඉටු කරන බවට පැවසුවත් ඔවුන්ට මේ වන තෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා ලෙස කටයුතු කරන අවදියේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ සියයට 90කගේ ඉල්ලීම්වලට සහ අභියාචනාවලට විසදුම් දුන් බවයි.

එසේම ඒ සඳහා කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ විශේෂ සම්මේලනය පැවැතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

දේශපාලන පලිගැනීමට ලක්වූවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

– Media unit

28,623 views

36 Comments to “මා බලයට පත් වී මාස හයෙන් විසදුම දෙනවා..”

  1. සෙරෙප්පු සුප්. says:

    ඇත්තටම මේ පුතාණොට පිස්සුද,නැත්නම් හැදිල තියෙන්නෙ කාටවත්ම හොයා ගන්න බැරි අමුතු ලෙඩක්ද​?

  2. Gamarala says:

    මුට රැවටෙන මෝඩයෝ මේ රටේ නැහැ. උසනම් සිකුරිටි කොටනම් කම්කරු

  3. Gamarala says:

    අපේ රටට පිළිමල් වන සතුරු මු ළ
    අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බ ල
    අපේ මුතුන් මිත්තන් මළ සොහොන් ව ල
    පිපේ එවිට ජාතික අබිමාන ම ල

    එස්‌. මහින්ද හිමි.

  4. Lalla says:

    මේකාට බලගාය හැදිල. කරන්න පුළුවන් දේකුත් නෑ ප්‍රකාශ නිකුත්කිරීම හැර.නිකම්ම පොරක් වෙන්න හදනවා කපුටාස්ලා වගේ.

  5. Real says:

    Kisima paligeneemakata lak nouna guruwaru pirisakata watup wardaka kihipayak labadunna yahapalana kalaya uthurumeda palathe.Mekath ewageda?.Me asadaranaya ibathumath karanawada?

  6. Helaya says:

    Lamayek hada ganna beri ponnayekuta ratak hadanna puluwanda

Main News