‘මා බේරාගන්න..’ නිරූපමාගේ සැමියාගෙන් රනිල්ට ලිපියක්..

October 6, 2021 at 2:10 pm | lanka C news
‘මා බේරාගන්න..’ නිරූපමාගේ සැමියාගෙන් රනිල්ට ලිපියක්..

හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක් හෙළිදරව් වී ඇත.

තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් තමා නිර්දෝෂී බව එම ලිපිය මගින් ප්‍රකාශ කරනු ඇතැයි අනාවරණය වී තිබේ. තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබාදුන් මල්වානේ මන්දිරය පිළිබඳව ඔහු මෙම ලිපියෙන් හිටපු අගමැතිවරයාව දැනුවත් කර තිබේ.

2016 ඔක්තෝබර් 15 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් තිරුකුමාර් නඩේසන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ තමාට අයත් දේපොළක නිවසක් තනා ඇති බව ජනමාධ්‍ය ඔසසේ වාර්තා කරන තුරු තමා නොදැන සිටි බවයි. පසුව ‘ඔහුගේ නමට හා කීර්ති නාමයට’ හානියක් නොවන ලෙස එම ඉඩම විකුණා දැමූ බවද ලිපියේ සඳහන් වේ.

‘‘මම අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නැති බවත්, මා හට සාධාරණය ඉටු කරන ලෙසත්, එසේ සිදුකළහොත් තමා කෘතඥ වන බවත් මම ප්‍රකාශ කරමි’‘ යැයි එම ලිපියේ සටහන් කර ඇත. එසේම මෙම නඩුව ගොඩනගා ඇත්තේ විශ්වාස කළ නොහැකි සාක්ෂි මත පදනම්ව බවත් තිරුකුමාර් නඩේසන් හිටපු අගමැතිවරයාට පවසා තිබේ.

– aruna

154,231 views

29 Comments to “‘මා බේරාගන්න..’ නිරූපමාගේ සැමියාගෙන් රනිල්ට ලිපියක්..”

  1. Sandun Dhammika says:

    කාට වත් දඩුවම් කරන්න ඕනේ කමක් නැහැ එත් දේපල සියල්ල රජයට පවරා ගනීවි.

    • යහපාලන චව්වා says:

      මේකේ අපි කියපු රත්තරන් අශ්වයෝ ගැනත් තිබුනානම් තමයි මරු

    • Saman says:

      හීනෙන්ද?

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    රනිල්ලා රාජපක්ෂලා බේරනවා ,රාජපක්ෂලා රනිල්ව බෙරනවා. මේ රටේ අන්තර්ජාලය පරීශීලණය කරන්න හැකියාව තියෙන බහුතරයක් දන්නවා උබල ඔක්කොම එක වල්ලේ පොල් කියලා.ඔහොම යමුකො nethee.රනිලට එක ආසනයකට සීමා උනා එකත් පිං ආසනයක් , හැබැයි අනිත් උත්තමයො ටිකටනං එහෙම වෙන්නෑ ,මොකද රටේ ඉන්නවා ලස්සන ගව සම්පතක් , ඒ ගොං මීහරක් සම්පත මෙහෙම නෙමෙයි , රටම විකුනලා දැම්මත් , ඒ රටේ පාස්පොර්ට් එක අරගෙන මුන්ට චන්දේ දෙනවා. එ තරමටම බුජ්ජිමත්.

    • John the baptice says:

      මසුරං දෙන්න ඕනේ COMMENT එකට …අපේ රටේ මීහරක් වැනි මෝඩයෝ තමයි මේ පල්හොරු පාර්ලිමේන්තුවට යවන්නේ …ඊට පස්සේ උන්ගේ වැරදි කියමින් ලතවෙනවා ..බැසිල් සහ රාජපක්ෂ පවුලේ ,සිරිසේන පවුලේ ,රාජිත පවුලේ ,රනිල් පවුලේ ,චන්ද්‍රිකා පවුලේ ,සහ උතුරේ විජේකලා වැනිහිටපු ජාතිවාදී දෙමළ ඇමතිනිලාගේ වත්කම් සොයාබලා සියල්ල රාජසන්තක කිරීමට කාලය පැමිණ ඇත.

    • saman says:

      Fully agreed !

      • Ashan perera says:

        Ha ha ha. Ethakota sajith ekka enna set eka hodai da.? Ranil kiyanne e gode lokka. Hodata mole pawichchi karala chande Dana set ekak wenna athi ethane enne. Lol

  3. ජගත් කීර්තිසිංහ says:

    කෝටි ත්‍රස්තවාදී ලයිකා මොබයිල් එකට ස්වර්ණවාහිනී ගෙඩිය පිටින්ම දුන්නේ මැරිච්ච මංගල සහ මහා බැංකු හිටපු අධිපති කුමාරස්වාමි. උන් දෙන්නාට කෝටි කීයක් පාගා අල්ලස් දුන්නද. හොයාපල්ලා. අසරණ ETI කාරයෝ ගැන පර මංගලයා හැරිලාවත් බැලුවේ නැහැ. ඌ මැරිලා ගියා. උගේ බුදලේ බිලියන කීයක් වටිනවද? හොයලා බලපල්ලා. රජයට පවර ගනිල්ලා. ETI අසරණයින්ට ගෙවාපල්ලා.

  4. Gonja says:

    රනිල්, රාජපක්ෂ, උන් ඔක්කොම යාළුවො මල්ලි. අපි තමා හිරේ යන්නෙ.

    • මහා හුරා says:

      රනිල්-මහින්ද හොදම මිතුරෝ ඒ නිසයි ඔවුන් මහා බැංකු මගඩියේ හොරුන් අත්අඩංගුවට නොගන්නේ …බැසිල්ගේ වත්කම් ගැනත් පරීක්ෂණ කල යුතුයි

  5. කැපුවත් පොහොට්ටුවට says:

    මේ වගේ පල් බොරු දානකොට අපිට පොහොට්ටුවටම තමා චන්දෙ දෙන්න හිතෙන්නෙ..ජයවේවා. බාදක මොනව ආවත් අපි පොහොට්ටුව සමග.

  6. ගන්ජ බන්ඩා says:

    මගේ දක්ෂ කමට මම ගැහුව කොමිස් නීතියට අනුකූලය්. – තිරැකුමාරන්

    • ජෙප්පා says:

      ඒය් නඩයා, උඹ ගහපු කොමිස් නීතියට අනුකූලද නැද්ද බලන්න ෆුල් ලිස්ට් එක දීපන්.

Main News