මා මදුරුවෙකුවත් මරණ අයෙකු නොවෙයි.. මාධ්‍ය විසින් මා දාමරිකයෙකු කරලා..

November 29, 2020 at 3:50 pm | lanka C news
මා මදුරුවෙකුවත් මරණ අයෙකු නොවෙයි.. මාධ්‍ය විසින් මා දාමරිකයෙකු කරලා..

මදුරුවකුවත් මරා නොදමන තමන් මාධ්‍ය විසින් දාමරිකයෙක් කර ඇතැයි වනජීවී රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා කියයි.

ජනතාව විසින් භාවිතා කළ මාර්ගයක් නැවත ඔවුනට ලබාදීමට තමන් කටයුතු කිරීමක් පමණක් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ මාර්ගය වනජීවී භාරයට පත් වුණේ 1984 බවත් ඒ වන තෙක් එම පාරේ මිනිස්සු ගමන් කළ බවත් බස් පවා එහි ධාවනය වූ බවත් ඔහු පැවසීය.

නමුත් අද එම මාර්ගයෙන් මිනිසුන් යද්දි වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බවත් නඩු දමන බවත් ඇමතිවරයා කියයි.

මෙම මාර්ගයේ ගමන් කරන්නේ යකුකුරේ පැරණි ගමට බවත් අද එම ගමේ සිට පොළොන්නරු යාම සඳහා වට මාර්ගයකින් කිලෝමීටර් 65 ඇති බවත් මෙම මාර්ගයෙන් ඇත්තේ කිලෝමීටර් 13 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

30,782 views

35 Comments to “මා මදුරුවෙකුවත් මරණ අයෙකු නොවෙයි.. මාධ්‍ය විසින් මා දාමරිකයෙකු කරලා..”

  1. Yakusa says:

    Third class idiot

  2. වයි දිස් කොලවෙරි says:

    මැරයෙක්ව, දාමරිකයෙක් වගේ ගේ හැසිරිලා, රාජ්‍ය සේවකයින්ට තග දාලා, දැන් බයිලා කියනවා.

  3. sammy says:

    Muu karanna yana wedan wenne thawath horakan wedi wena eka. Api harak baddinna yanawa kiyala kalee gasuth kapagena, dadayammuk karagena, kassiputh perai.
    Horen karana unta muu iniman thiyanne giye. Muu pasnayak suluwen wisada ganna thibbe weda nagena kaawaaa

Main News