මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඔහුගේ තත්වය අයහපත්.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..

October 5, 2020 at 8:40 am | lanka C news
මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඔහුගේ තත්වය අයහපත්.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..

කොරෝනා වයිරසය හේතුවෙන් තමන් මිය යාවි දැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමීපතම ආධාරකරුවන්ගෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටින ඇමරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇතැයි ද විදෙස් මාධ්‍ය වල සඳහන්ය.

ඔහුගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වන තවත් පැහැදිලිව නොමැති බවත් ඔහුට ඉදිරි පැය කිහිපය ඉතා වැදගත් බවත් එම වාර්තා සඳහන් කරයි.

බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරමින් ද ඇත්තේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නැති බවයි.

කොරෝනා ආසාදිත 74 වයසැති ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා යොදවා ඇත.

මේ අතර ජනාධිපතිවරයා රෝහලේ සිට රාජකාරි කරන ආකාරය සදහන් පින්තූර පෙලක් ධවල මන්දරිය වෙතින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

එමෙන්ම ඔහු රෝහලේ සිට සිය ආධාරකරුවන්ට ආචාර කරන වීඩියෝවක්ද මුදා හැර ඇත.

නමුත් විචාරකයන් පවසන්නේ මැතිවරණයට මසකට අඩු කාලයක් තිබෙන නිසා ඒ ආකාරයෙන් හැසිරීමට ට‍්‍රස්ට සිදුව ඇත්තේ තම ආධාරකරුවන්ට මානසික උත්තේජනයක් ලබා දීමට බවයි.

171,386 views

23 Comments to “මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඔහුගේ තත්වය අයහපත්.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..”

  1. GP says:

    මිනිහ අද උදෙත් twitter එකේ වීඩියෝ එකක් දාල තිබ්බ. ඔය යස අගේට ඉන්නෙ

  2. Sakunthala says:

    ක්‍රොදයෙන් වෛරයෙන් සහ උද්ධච්චකමෙන් කොරෝනාව පරද්දන්න බැරි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් වටහා ගත්තා. කල කල දේ පල පල දේ!

  3. LAK SOYURO says:

    Hande Beheth Thiyenawa Genalla Beepan, Angaharu Loke Gangawal Thiyenawa Gihin Napan. Thopila Thamai Me Lokema Wanasuwe.

  4. ගොන් බයියා says:

    ලංකාවේ සිටින ඇමරිකන් පුරවැසියන්ද ප්‍රවේශම් විය යුතුයි.

  5. Ajantha says:

    This is a complete lie and a marketing campaign. He is 100% well.

  6. puravasiya says:

    ඩොනල්ඩ් ට්‍රුම්ප් ට වයස 74යි, මාස්ක් දැම්මේ නැහැ, බර වැඩියි, කන්නේ වැරදි කෑම (හරක් මස් – හැම්බර්ගර්ස්), ව්‍යායාම කරන්නේ නැතිලු, නිදාගන්නෙ පැය 5යි ලු, දැන් ඒ උඩට කොරෝනාත් හැදුනා . දැන් දැන් ආරංචි විදියට මිනිහා හුස්ම ගන්නකොට සද්දෙකුත් ඇහෙනවලු….

    ලොකු ආරන්චියකට සූදානම් වෙන්න !

Main News