මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..

June 19, 2021 at 5:30 pm | lanka C news
මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..

තමන්ගේ පාලන කාලයේ යටතේ ලංකා පොස්පේට් සමාගම රුපියල් කෝටි 10 ඉක්මවා ලාභයක් ලැබූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ සටහන මෙසේය.

”වසර ගණනාවක් පුරා පාඩු ලබමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ සිය දැවැන්තම පාඩුව වාර්තා කළේ සමස්ත අලාභය රුපියල් මිලියන 80.8ක් ලෙස සටහන් කරමිනි.

එතැන් පටන් දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වන මා යටතේ 2020 අග භාගයේ සිට 2021 ජුනි දක්වා රුපියල් මිලියන 104.6 ක් ඉක්මවූ ලාභයක් වාර්තා කරන ලදී.

පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය”

47,174 views

35 Comments to “මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..”

  1. abc says:

    88-89 යුගයෙන් පස්සේ ජවිපේ තුල ප්‍රායෝගික මිනිහෙක් හිටියනම් හිටියේ මේකා විතරයි. ඉතුරු එවුන් ඔක්කොම කටෙන් බතල හිටවන රැකියා විරහිත උපාධිදාරියෝ.

Main News