මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..

September 25, 2020 at 10:06 pm | lanka C news
මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව එතුමා කියා සිටී.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කළේය.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නේය.

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.

කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඕව්හු සඳහන් කළහ.

අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබීය.

සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිතුමා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ගෝෂා කරමින් පැවසූහ.

කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිතුමා ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය.

සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිතුමා විසින් විසඳුම් මගට යොමු කරනු ලැබීය.

කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්, හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිතුමා විසින් නියම කරන ලදී. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරිණ.

ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මැතිතුමා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළේය.

කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම් දීමට පියවර ගන්නා ලදී.

වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේය.

රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිතුමා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසීය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ආයතන රැසක නිලධාරීහූ ඇතුළු පිරිසක් සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

52,444 views

33 Comments to “මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..”

  1. Samarakone says:

    Wow, this is an excellent approach! Thank you, Mr. president!

  2. Govt serv says:

    නීති හා චක්‍ර ලේඛ අනුව අන්ධ භූත ව ක්‍රියා කරන්න නම් නිළධාරින් ලෙස මිනිසුන් අනවශ්‍යයි. ප්‍රෝග්‍රැම් කළ රොබෝලා පල්ග් කලාම ඉවරයි.
    අදාල තත්ත්ව සලකා බලා ඒ අනුව තිරණ ගෙන ක්‍රියා කරන්න තමයි මිනිසුන් ඉන්නේ. ඒක තේරෙන්නෙ නැති කොන් ක්‍රීට් මොල සහිත නිළ ධාරීන් ව ඉවත් කළ යුතුයි.
    ජනතාව ගේ අවශ්‍යතා සඳහා ක්‍රියා කර්න්න බය වෙන්නෙ හොර වැඩ කරන අය​.

  3. SL says:

    Just stop polluting fresh water resources whole country can have enough fresh water through out the year without much burden to the treasury.
    We the Human who polluting the water then cry for not having fresh water

  4. Ruhdtug says:

    Not very sure about this.. might create a mess… could cause big issues in future if wrtten records are not maintained.

  5. සයිමා says:

    මෝඩ වහලුනි, වාචිකව කියන දෙයක් කොයිම වැදගත් ආයතකයක පිලිගන්නෙ නැත. නිලධාරියෙක් ජනාදිපති වාචිකව කියන දෙයක් කෙරුවොත් ඒ දේ සමාජයේ වැරැද්දක් ලෙස පෙන්නුවොත් ජනාධිපති අහවි කවුද එහෙම කරන්න කිව්වෙ මම කිව්වෙ නෑ කියල. අපේ රාජ්‍ය නායකයො එහෙමයී

    • Nimal says:

      උබ මොලේ තියන උගතා , අනේ පලයන් සයිමා යන්ට , ස ට ඕනේ කොක්කෙන් හරි කෙක්කෙන් වැඩේ කරන්ඩ, මිනිස්සුන්ට හොදක් කරන්ඩ. බොලා වගේ අපතයන්ට මේවා magic

      • ක්‍රිමිනල් says:

        මතකද රාජිතලා, ෆොන්සේකාලා , වජිරලා කිව්වා ජ්නතාවට වඩ කරන්න කෝටි ගනන්වල වාහනඕනා කියලා.අද මෙතුමා මිනිස්සුන්ට වඩ කරන්න යන්නේ කොහොමද!
        කිව්වදේ කරන!
        කරනදේ කියන !
        අපේ ජ්නපති!

      • catseye says:

        Nimal…….katin kiyana niyoga anuwa wiyadam karanna puluwan gedara budale ……….oyala wage harak wahallu nodanna redda katha nokara hitapalla .,,……….

    • Randudu says:

      කමෙන්ට් දාන්න කලින් රටේ නීතිය ඉගෙන ගනින්. උබ දන්න නීතියකුත් නැහ. එ නිලධාරිය රටේ නීතිය හරියට දැනන් හිටියෙත් නැහ.

    • Aurora says:

      ජනාධිපතිතුමා කියපු ප්‍රකාශය ආයතන සංග්‍රහය අනුවත් නිවැරදියි. එතුමා “ජනතාවගේ පොදු යහපත පිණිස දෙන” කියන ව්‍යාතිරේකය නැතිව “සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු” කියන කොටස පමණක් අරන් එතුමා විවේචනය කරන්නෙක් වේද අන්න නියම කුහකයා. ඔහු හඳුනා ගන්න, ඔහුගෙන් දුරුව සිටින්න, ඔහුගෙන් ප්‍රවේසම් වන්න.

  6. We are Lions says:

    Oba thumata Jayawewa…, Janadipathi thumani
    This is a good example for all mp…ees, let them to follow the same..
    May you long live ‘The President’..,

  7. sajith dasa prema says:

    Great
    but already there are so many patriotic sri lankans who work like this daily in their work.

  8. Amal says:

    ටිකෙන් ටික ඒකාධිපති ක්‍රමයට

  9. අනිල් says:

    මුද්‍රණ වියදම් අවම කර පරිසරය රකින්න ගත් හොඳ පියවරක්. මීට තරී දාර බායියියා

  10. Dp says:

    Verbal instructions are OK. But written document should follow.

Main News