මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..

September 25, 2020 at 10:06 pm | lanka C news
මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව එතුමා කියා සිටී.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” ජනාධිපතිතුමා නියෝග කළේය.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතා ගැටළුවලට සවන් දුන්නේය.

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.

කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඕව්හු සඳහන් කළහ.

අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබීය.

සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිතුමා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ගෝෂා කරමින් පැවසූහ.

කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිතුමා ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය.

සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිතුමා විසින් විසඳුම් මගට යොමු කරනු ලැබීය.

කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්, හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිතුමා විසින් නියම කරන ලදී. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරිණ.

ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මැතිතුමා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළේය.

කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම් දීමට පියවර ගන්නා ලදී.

වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේය.

රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිතුමා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසීය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ආයතන රැසක නිලධාරීහූ ඇතුළු පිරිසක් සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

52,461 views

33 Comments to “මා විධායක ජනාධිපතියි.. චක‍්‍රලේඛ යනු ජනපතිගේ ප‍්‍රකාශයි.. මගේ සියළු ප‍්‍රකාශ චක‍්‍රලේඛ සේ සලකන්න..- ජනපති රජයේ නිලධාරීන් කියයි..”

  1. ivan says:

    Executive President orders take as orders write down as it is date time and take action .

    • nuwan says:

      why does not president issue instruction in written? is this good governance?

    • Kadiya says:

      කුලියට කමෙන්ට්ස් දාන උන් දන්නේ නැහැ ඉහළ නිලධාරියකුගේ වාචික නියෝගයක් අනුව ආරක්‍ෂිතව ක්‍රියාත්මක වෙන්නේ කියල. ඒ සඳහා නීතියේ, ආයතන සංග්‍රහයේ ක්‍රම තියනවා, හැබැයි ක්‍රමේ අදාල තැනට යොදාගන්න මොළේ තියෙන්නනම් ඕන.

  2. Sena says:

    ‘Kokaa’ just started flying. Now we can see the real colour. Wait and see what will happen.

  3. 77 UNP says:

    මෝඩයෝ සහ කඩාකප්පල්කාරයෝ කොහොම කිව්වත් ඕනෑම වැඩක් කරන්න හෝ නොකරන්න ඉඩ ආයතන සංග්‍රහයේ තියනවා. නිලධාරීන්ට මොළේ තියනවානම් ජනතාවගේ යහපත සඳහා අවශ්‍ය දෙයක් කල හැකියි, ඒ වගේම ජනතාවට යහපතක් වෙන දෙයක් වුනත් නිලධාරියට ඇඟ බේරාගෙන නොකර සිටිය හැකියි. ආයතන ප්‍රධානීන්ගේ වගකීම වෙන්නේ ජනාධිපති තුමාගේ වාචික නියෝග අනුව පවා ජනතාවගේ පොදු යහපත පිණිස කලින් දී ඇති නියෝග අනුව ක්‍රියා කිරීමයි.

  4. මැදමුලනෙ මුත්තා says:

    ජනාධිපති ගමට යනවා. මිනිස්සු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ජනාධිපති එම ප්‍රශ්න විසඳීමට නියෝග දෙනවා. මිනිස්සු හිතන්නෙ නිළධාරීන් තමයි වැරදි කියල. නිළධාරීන්ට කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලො චක්‍රලේඛණවල උපදෙස් අනුගමනය කළ යුතුයි.
    මිනිස්සු අත්පොලසන් දෙනවා. හුරේ තියනවා. ආයතන සංග්‍රහය අනුව චක්‍රලේඛණ උල්ලංඝණය කළොත් නිලධාරීන්ටට බඩු.
    ජනාධිපති අවුරැදු පහෙන් ගෙදර.
    නිළධාරීන් පලයංකො උසාවි.

    • nuwan says:

      හරියටම හරි, බොරු රගපෑමක් කරලා ජන්ද ගන්නව එච්චරයි

  5. Mr. Alert says:

    Mona Gon kathawakda……mewa Karaka niladharinta gedara yanna Wei. ..anthimata kiyai mama kiyuwe Naha kiyala.

  6. Maha kalu sinhalaya says:

    තමන්ගේ යටතට රාජ්‍ය ආයතන බහුතරයක් පවර ගත්තා. එක විගණනය කරන එක නවත්වන්න ව්‍යවස්ථාව වෙනස් කරගෙන යනවා. ඒක එහෙම වෙද්දී ජනාධිපති හිටි ගමන් ඔෆිස් වලට කඩන් පනිනවා. ඇත්තටම අදාල චක්‍රලේඛ නැතිව වැඩ කරන එක අදාල නිලධාරියාට ලොකු අවදානමක්. මොකද ඔය ඉල්ලීම කරන කෙනා අනුමැතිය ලබාගෙන ඒක අවභාවිත කලොත්? ඒ ප්‍රශ්නයේදී කෙලින්ම කවදාහරි ඇඟිල්ල එල්ලවන්නේ අනුමැතිය දුන් කෙනාටයි. කොහොම නමුත් රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව නතර කරන එක නම් හොඳයි.

  7. මාතර සුනිල් says:

    මම තමයි අධිරාජ්‍යයා. චක්‍රලේඛණ එපා මම කියන විදියට වැඩ කරපියවි. මගේ කටින් පිටවෙන සෑම වචනයක්ම Final Orders. මමයි විධායක ජනාධිපති.
    ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රීකමක් දරානැති, එතරමි අධ්‍යාපන සුදුසුකමි නැති ජනාධිපතිවරයෙක් ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    • විමර්ශන says:

      මේ මාතර සුනිල් වගේ අය තමන්ගේම අධෝ මුඛයෙන් පිටවන අසූචි තමන්ම ආහාරයට ගෙන ජීවත් වන්නන් . එවැන්නන්ට මේ රට දියුණුවෙනකොට බලා ඉන්න බෑ කොහොම හරි කකුලෙන් ඇදල එම අසුචි ගොඩටම කවුරුත් ඇදල දැම්මෙ නැත්නම් පැවැත්මක් නැතිබව දන්නව ඒකයි .

  8. Buddhist says:

    Uncivilized barbaric statement made by the President. Coming colour no good!

  9. neil says:

    What did ministers and local MPs do so far to these areas over the years? They get luxury car permit and says they cannot travel to those location without such vehicles! What a system we have.

  10. දුටුගැමුණු says:

    රජවරුන් 182 ක් පාලනය කල මේ හෙලබිම 1948 සාමිලාගේ කුප්ප ප්ප්‍රජාතන්ත්‍රවාදය විසින් අද විනාශ කර තිබේ . දැඩි තීන්දු තීරණ ගන්නා රාජ්‍ය පාලකයකු ලෙස රට ගොඩ ගැනීම සදහා ගෝථාභය රාජපක්ෂ වහාම ඔටුනු 👑 පැලදවිය යුතුය

Main News