මා සමග එක්වන්න.. සජිත් WDJට කොක්ක ගහයි…
October 16, 2019 at 10:12 pm | lanka C news
තමන් සමඟ එක් වන ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
පසුගියසා ඇහැලියගොඩ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැුලියකදී සෙනෙවිරත්න මහතාට හූ තැබීම ගැවන අදහස් පල කරමින් ඔහු මෙම ආරාධනාව කලේය.
අශීලාචාර දේශපාලනයක් අතහැර තමන් සමඟ සීලාචාර දේශපාලනයට එක්වන ලෙසද සෙනෙවිරත්න මහතාට ආරාධනා කරන බවද ඔහු පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අප ජෝන් සෙනෙවිරත්න මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් පක්ෂ මාරුවකට කිසිසේත්ම සූදානම් නැති බවයි.