මා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් ජනපතිට පවසා නෑ..- විමල්

August 7, 2022 at 1:20 pm | lanka C news
මා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් ජනපතිට පවසා නෑ..- විමල්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

“සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් මා කිසිවකුට පවසා නැහැ!”

සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි මම පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමි.

පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති මේ මොහොතේ මෙම අන්තර්කාලය පසු කිරීම සඳහා සුදුසුම උත්තරය වන්නේ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම බව රට හමුවේ මුල්වරට පෙන්වා දුන්නේ අප ය. මෙම යෝජනාව අප විසින් පසුගිය අප්‍රේල් 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව ඉදිරිපත් කරනු ලැබූ බවත් එතුමන් එය සුදුසු පරිදි පිළිනොගත් බවත් මෙහිදී කනගාටුවෙන් වුව සිහිපත් කරනු කැමැත්තෙමි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ද අප පෙන්වා දුන්නේ වත්මන් පාලනයට ලැබී නැති සුජාතභාවය ඉක්මනින් ඇතිකරගත යුතු බවත් ඒ සඳහා මහජන විශ්වාසය සහ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් ඇති කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් ය. එසේ පෙන්වා දුන්නා පමණක් නොව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ‘වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවක් තුළ අර්බුද සමනය කර ගැනීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් යෝජනා 12කින් සමන්විත යෝජනාවලියක් ද පසුගිය ජූලි 28 වැනි දින ‘වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇත්තෙමු. එසේම එම අවම පොදු ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා කැඳවිය යුතු සර්වපාක්ෂික සමුළුවේදී සැලකිල්ලට ගත යුතු නිර්දේශ ඇතුළත් යෝජනා 10ක් ද අප විසින් ඒ සමග ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඉහත කී සර්වපාක්ෂික එකඟතාවයෙන් යුතු අවම පොදු ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ය. අපගේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සැකසෙන එම ‘අවම පොදු ජාතික වැඩපිළිවෙළ’ දෙස අපි විමසිලිමත්ව සිටින්නෙමු. එය ක්‍රියාත්මක කිරීම පිණිස සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට අප එක් වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ,(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022-08-07

10,759 views

10 Comments to “මා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් ජනපතිට පවසා නෑ..- විමල්”

  1. Helaraju says:

    Mu me amathikam ganna wedapilywela soyanne .mu hadanne chanda padanamak nethi hambayanta sakkiliyanta amathikam arandanna dolar labenawane munta muth den amu kalakanni jathidrohi paharayek

    • Janaka says:

      විමල් රනිල්ට එකතුවෙනවා කියන්නේ දේශපාලන වසයෙන් සිය දිවි හානිකර ගැනීමක්. ඊලග මැතිවරණයකදී ඇපෙත් නැතිවෙනවා සිකුරුයි. රනිල්ට එකතුවෙන සියලු දෙනා මේ බව නොදන්නවා නොවේ. නමුත් ඔහුන් හොදාකරවම දන්නව තම දේශපාලනය අවසන් බවත්. දේශපාලනය සමුදීමට පෙර රනිල්ට එක්වී ඉදිරි කාලයේදී හැකි තරම් මුදලක් උපයා ගැනීම තමා අරමුන .විමලුත් ඒ අරමුනෙන් රනිල්ට එක්වීමට තීරණය කලා වියහැකියි. ප්‍රශ්ණය කොපමන කලක් රනිල් ඔය තණතුරේ සිටිනවාද යන්නයි. වැඩිම සම්බාවිතාව. ඔය යන සියලු දෙනා ඉතාම කෙටි කලකදී තණතුරු නැතිවී අනාත වීම .

  2. samith himi says:

    Sure wasi pettata athmaya pawa denawa. Policy ekak nethi adu ugath minisek. Pala karanawada?

  3. Chinthaka says:

    when we saw your dirty game of “National Government” suddenly in parliament, we knew you voted for Ranil to win and ready to join any cabinet provided you get a cabinet post. BALUWANSA name is very suitable for you. I feel very sorry for LSSP, CP ,Wasu, and others of 11 party group, who voted for Emergency law under ranil the Hitler. You all demonstrated, you are nothing but guard dogs of Rajapaksa thieves / regime.

  4. ලෙමන් පෆ් says:

    මේ කාලකණ්ණියා දැන් වියුරු වැටිලා. මූට උනේ උ හිතුවා උන්පොරක් කියලා. මහින්දගේ අහවල් එකේ එල්ලිලා ඇවිත් පිම්බුණ. ඕකට ඡන්ද 500ක් අරන් පෙන්නන්න කියන්න ඔය කියන පක්ෂෙන්
    මං හෙළුවෙන් ඇවිදිනවා

  5. ලෙමන් පෆ් says:

    මේ කාලකණ්ණියා දැන් වියුරු වැටිලා. මූට උනේ උ හිතුවා උන්පොරක් කියලා. මහින්දගේ අහවල් එකේ එල්ලිලා ඇවිත් පිම්බුණ. ඕකට ඡන්ද 500ක් අරන් පෙන්නන්න කියන්න ඔය කියන පක්ෂෙන්
    මං හෙළුවෙන් ඇවිදිනවා. පව් කාලකණ්ණියා …
    මොලේ නැති උන් හිතන්නේ චණ්ඩි කියලා

  6. Daya says:

    එය එසේම වෙන්න ඕන. උබව හරියන්නෙ නැහැ හිපාටුවා ආන්ඩුවක ඉන්න. උබ කොහොමත් මිනිස්සු වටකරලා ගහන දවස ඈතක නෙවෙයි . නැව් ගුටි ලැබෙන්න ඉන්න එකෙක්.

  7. ඉන්ද්‍රජිත් says:

    ඒ බන් උබ හොරෙන් නෙ සපෝර්ට් කරන්නෙ
    උබේ ඇටිටුඩ් කවුරුත් දන්නව

  8. aanamaduwe maanavadu says:

    palayando gon buruwa yanda. tho balanne boruwata ellenna aththak nethiwunaama tho harima porak thoge uda
    vva nethuwa aanduwak geniyanna behe kiyala hithaaganna eka. ewa oya thoge ara sunnath koraapu ham kella newathath polle alavagththu thatta wesige puthaa musaamilaata kiwwoth piliganee. muslim mulu samaajayatama pililayakvana oya thatta musaavai moovai ekata thiyala vedi thiyanna onei.

  9. JR says:

    ඒක හොඳායි…ඉ

Main News