මා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර වෙනෙකෙකු පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා..- රාජිත

March 12, 2017 at 10:00 am | lanka C news
මා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර වෙනෙකෙකු පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා..- රාජිත

ශ්‍රී ලංකාවෙි ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සිදුකෙරෙන ව්‍යාපෘතියක් ලෙස බෝනොවන රෝග වැළැක්වීමෙි අරමුණින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමෙි වැඩසටහන ඊයේ (11) ආරම්භ කෙරුනි.

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල රාජිත සේනාරත්න ක්‍රිඩාංගණයේ සහ මග්ගොන ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද කායවර්ධන මධ්‍යස්ථාන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි. එක් කායවර්ධන මධ්‍යස්ථානයක් සදහා රුපියල් මිලියන 20 ක උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇත.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“බෝනොවන රෝග ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයම මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගයක්. ශ්‍රී ලංකාවෙි රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 70 ක් මියයන්ගේ බෝනොවන රෝගවලිිනි. ඊට හේතු ලෙස දුම්බීම, මධ්‍යසාර භාවිතය, ලුණූ, සීනි සහ මෙිදය අඩංගු ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම බව හෙළි වී තිඛෙනවා. දුම්බීම අවම කිරිම සදහා දුම්කොළ සමාගම් වලින් සියයට 90 ක් බදු අයකර ගැනීමට රජය පසුගියදා කටයුතු කළා. ඊට විවිධ බලපෑම් එල්ල වුනා. දුම්කොළ සමාගමෙන් රජයට වාර්ෂිකව ලැඛෙන බදු මුදල වන්නේ රුපියල් බිලියන 100 ක්. ඊට වඩා වැඩි මුදලක් රෝග බෝවීමෙන් පසු එම රෝග සුව කිරීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කිරීමට සිදු වනවා. දුම්බීමෙන් පමණක් වසරකට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 30 ක් මියයනවා. ශ්‍රී ලංකාවෙි දුම්බීමෙන් සහ මධ්‍යසාර පානයෙන් වසරකට 35,000 ක් මිය යනවා. ඔවුන් අතර සියයට 05 ක් දරුවන් ද සිටිනවා. ලබන සතියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීෙමි අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරනවා. එය සම්මත වූ පසු සිගරට් පැකට් පමණයි වෙළෙදසැල්වල විකිණිය හැක්කේ. සීනි භාවිතය අවම කිරීම සදහා පැණි බීමවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. බහුජාතික සමාගමක් එම වැඩපිළිවෙලෙන් පසු සීනි සියයට 10 ක් අඩුවෙන් පැණි බීම හැදීමට සුදානම් වී සිටිනවා. රසකැවිලි නිෂ්පාදකයින්ටත් එම නීතිය ගෙනඒමට මම සුදානම්. සීනි, තෙල් සහ ලුණූ අඩංගු අහාර ශරීරයට අහිතකරයි. මුදල් ලබා දී හදාගන්නා රෝග සුව කරන්න ඊට වඩා මුදලක් වැය කිරීමට රජයට සිදු වෙනවා. සුවනාරි සහ සුවදිවි මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවා ජනතාවගේ රෝග පරීක්ෂා කිරීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේ දී පවුලේ වෛද්‍යවරයා සංකල්පය ලංකාවට හදුන්වා දෙනවා. එක් වෛද්‍යවරයෙකුට 5000 ක ජනතාවක් ලියාපදිංචි කර පරීක්ෂා කිරීමෙි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. බෝනොවන රෝග වසර 2020 වනවිට සියයට 05 කින් අඩු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙි වනවිට අරම්භ කර ඇති වැඩපිළීවෙල ඇතැම් අය අගය කරන්නේ නැහැ. අක්ෂි කාච මිල, ඖෂධ මිල අඩු කිරීම ජනතාවට වාසි වුවද, එය අගය නොකරන කොටසකුත් සිටිනවා. ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ටත් උදවි කළා. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු වෛද්‍යවරුන්ට උදවු කරන එක සමාගම් විසින් නතර කර තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් මම ඉවත් කර වෙනත් අයෙකු පත් කර ගැනීමට දුම්කොළ සමාගම සහ ඖෂධ සමාගම් ඉදිරියේ දී උත්සාහ කරන්න පුළුවන්. ඒ සදහා මුදල් වැය කරයි. විවිද චෝදනා ඉදිරිපත් කරයි. ඒකාබද්ධ විපක්ෂයත් භාවිත කරයි. ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණ පවා භාවිත කරන්න ඔවුන් උත්සාහ කරයි. රජය හදන එකට වඩා පවත්වාගෙන යාම තමයි අමාරු. ලෙනින් පවා ඒ බව ප්‍රකාශ කර තිඛෙනවා. රජය ආරක්ෂා කිරීමට මම කැපවී සිටිනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

7 views

4 Comments to “මා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර වෙනෙකෙකු පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා..- රාජිත”

  1. කිරි බණ්ඩා says:

    ඔය ඇමතිකටු ලෙවිල්ල නතර කරලා
    පිනක් දහමක් කර ගන්නවා
    මෙච්චර කල් පව් කළා මදෑ…………..

  2. ඔබට එසේ කිරීමට සාදර්ණ හේතුවක් තිබේ එනම් ඔබගේ මුළු පංචස්කන්දයේම තිබෙන්නේ පලිගැනීමයි,කුහකත්වයයි,අල්ලස් ගැනීමේ පරමාර්ථයයි ඉතින් එවැනි කෙනෙකු ඔය තනතුරට තියා අනේමන්ද ආපායටත් අවශ්‍ය වේද කියලා එමනිසා ඔය කවුරු හරි ගත් තීරණය සැබෑනම් රටේ පිළිලියක් බැහැර වූවාසේ මමනම් දකින්නේ.

  3. sira says:

    Cancer machine eke Koti 20 ko?
    Meeken hamba kalaa ethine, den wena thanakata gihin thawa hamba karaganin, Kaalakanniya

  4. Sadda says:

    Ranilge tie coat dhanawadi anduwe samajawadi healthminister wenna hadana nogelapena deegayata thawa ayusha ketharamda nodene. Me okkoma boru vijja. Comis gehille palane athata ganna.

Main News