මා සෞඛ්‍ය සේවාවට කළ කාර්ය ජනතාව පිළිගෙන තිබෙනවා…

August 28, 2017 at 8:02 am | lanka C news
මා සෞඛ්‍ය සේවාවට කළ කාර්ය ජනතාව පිළිගෙන තිබෙනවා…

බේරුවල දර්ගා නගරයේ ඒ.කේ මොහොමඩ් මාවත කාපට් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සිදු කෙරිනි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 7.4 කි

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “බේරුවල ආසනයට විදුලිබලය හා පානීය ජලය සියයට සියයක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. අතුරු මාර්ග සියල්ල කාපට් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විධිමත් වැඩපිළිවෙලක් වත්මන් රජය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, උපකරණ මිල අඩු කිරීම, ප්‍රධාන වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් මහතා හෘද රෝගියෙක් වෙනුවෙන් ස්ටෙන්ස් 03 ක් මිල දී ගැනීමට මිලියනයක් යන බව මට ප්‍රකාශ කළා. නමුත් මම කීවා ස්ටෙන්ස් 03 ක් සදහා දැන් වියදම් වන්නේ රුපියල් 315000 ක් (රුපියල් තුන් ලක්ෂ පහලොස් දහසක්) පමණයි කියලා. ඔහු පුදුමයට පත් වුනා. ඖෂධ සමාගම් සහ දුම්කොළ සමාගම්වල බලපෑම් මත වත්මන් රජය සිදුකළ සෞඛ්‍ය වැඩසටහන් පසුගිය රජය සමයේ සිදු කෙරුනේ නැහැ. එම බලපෑම් වලට අපි බය වුනේ නැහැ. මට විවිධ චෝදනා ගෙනඑන්නේ මේ නිසයි. මෙම චෝදනා පිටුපස ඖෂධ සමාගම් සිටිනවා. නමුත් සටන ඉදිරියටම ගෙන යනවා. තර්ජන වලට බය නැහැ. චෝදනා වලටත් බය නැහැ. මම සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටු කළ කාර්ය භාරය ඉදිරිපත් කරනවා. එය ජනතාව පිළිගෙන තිබෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

78 views
Main News