මා හොදම මුදල් ඇමති වීම රටම ලැබූ සුවිශාල ජයක්.. මේ නිසා ඉදිරියේ ආර්ථිකය ගොඩයනවා..

March 28, 2017 at 8:40 am | lanka C news
මා හොදම මුදල් ඇමති වීම රටම ලැබූ සුවිශාල ජයක්.. මේ නිසා ඉදිරියේ ආර්ථිකය ගොඩයනවා..

තමන් ආසියා පැසිපික් කලාපයේ හොදම මුදල් ඇමැති ලෙස තේරී පත්වීම සමස්‌ත රටටම විශාල ජයග‍්‍රහණයක් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු පෙන්ව දෙන්නේ මෙසේ ජාත්‍යන්ර ඇගයීමට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මග පෙන්වීමෙන් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල බවයි.

මෙම සම්මානය තුලින් මෙරට ආර්ථිකයේ ඉදිරිය ගැන ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන බවත් ඔහු පවසයි.

ගිය 24 වැනිදා ලන්ඩනයේදී මුදල් ඇමතිවරයාට මෙම සම්මානය පිරිනැමුවේ ‘ද බෑන්කර්’ සගරාවේ මූලස්ථානයේදීය.

335 views
Main News