මැක්කන් බොවිම නිසා පන්ති කාමරයක් වසා දමයි…

May 25, 2019 at 2:04 am | lanka C news
මැක්කන් බොවිම නිසා පන්ති කාමරයක් වසා දමයි…

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ මැක්කන් විශේෂයක් බෝ විම නිසා (24) එම පන්ති කාමරය තාවකාලිකව වසා දැමු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක පි.නරෙන්ද්‍රකුමාර් මහතා පැවසිය.

එම විදුහලේ හත වසරේ  පන්ති කාමරය තුල ගේ කුරුල්ලන් විශාල වහයෙන් කුඩු බැද ඇති බවත්, එම කුරුල්ලන්ගෙන්  බෝ වු මැක්කන් විශේෂය පන්ති කාමරය තුල වු ඩෙස් පුටු වල සහ බිත්ති වලට බෝ වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේය.

මැක්කන් විශේෂය නිසා එම පන්ති කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් 43 දෙනෙකුගෙන් 21 දෙනෙකු අසාදනය ඇති විම හේතුවෙන් අද උදැසන කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම සිසුන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහරව ගොස් ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියි.

පන්ති කාමරය තුල බෝ වි ඇති මැක්කන් විශේෂය විනාශ කිරිම සදහා කෘමිනාශක දියරයක් ඉසිමට කටයුතු කර ඇති බවත්, එම කාමි නාශක ඉසිමෙන් අනතුරුව පන්ති කාමරය පරික්ෂා කර බලා ලබන 27 දින පන්ති කාමරය විවෘත කිරිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,868 Viewers
Main News