මැකෝ සභාපතිගේ වීරත්වය මතුවෙලා.. පලාත් සභා ඡන්දය කල් දාන එකක් නෑ.. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕන ඡන්දයකට සුදානම්..
March 24, 2017 at 5:30 pm | lanka C news
ඉදිරියේදී පැවත්වීමට නියමිතව ඇති උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පලාත් සභාවල ඡන්දය කල් දැමීමට උත්සහ කලත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙවර ඒවාට ඉඩ නොදෙන බවට ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවත් ඔහුගේ සුපුරුදු වීරත්වය නැවත ජනතාව ප්‍රදර්ශනය වීම අගය කරන බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා නෙලුම් පෙදෙස කාර්යාලයේදි මාධ්‍ය වේදින් අමතමින් කියා සිටියේය.
බොහෝ දුරට පලාත් පාලන මැතිවරණ ද ඉදිරි මාස කිහිපය තුල බලාපොරොත්තු විය හැකි බව ප්‍රකාශ කල ඔහු මෙම මැතිවරණ දෙක සඳහා අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ඇතිව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පක්ෂය මල් පොහොට්ටුව ලකුණින් එම මැතිවරණ සඳහා තරග කරන බවද තවදුරටත් පැවසීය.