‘මැණ්කේ මගේ හිතේ’ කඨින පෙරහැරවල එපා..- බෞද්ද කටයුතු අමාත්‍යංශය

November 7, 2021 at 6:18 am | lanka C news
‘මැණ්කේ මගේ හිතේ’ කඨින පෙරහැරවල එපා..- බෞද්ද කටයුතු අමාත්‍යංශය

විහාරස්ථානවල කඨින පිංකම් පවත්වා අවස්ථාවන්හිදී භක්ති ගීත ප්‍රචාරය කිරීම සහ කඨින පෙරහර කටයුතුවලදී ආගමික පසුබිමක් සහිත හා ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් යොදාගන්නා ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් ඇති ගීත පමණක් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි.

කඨින පිංකම් සදහා යොදා ගන්නා ගීත හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවේචන සම්බන්ධයෙන් ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කරමින් කඨින පුණ්‍ය උත්සව පවත්වන්නැයි ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය කඨින පෙරහැරවල වාදනය කිරීම මේ දිනවල සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්වෙයි.

30,414 views

16 Comments to “‘මැණ්කේ මගේ හිතේ’ කඨින පෙරහැරවල එපා..- බෞද්ද කටයුතු අමාත්‍යංශය”

  1. rata perata says:

    sad but true. no real Buddhist are found these days. most of the temples are commercial ventures. popularity and make money . only armissa pooja. not following Buddha’s path of find the way to nirvana. very few truthful monks are remaining in the country. no real guidence from other monk’s. we have to accept this kind of situation. sad

  2. සවාධීන says:

    ඇයි ෂෝක් නේ.. අරුත්බර සම්භාව්‍ය ගීතයක් නේ.

  3. Power says:

    අපේ උනුත් දැන් මේ ගීතය අප්පිරියා කරවනවා. ඔය සීන් එක වෙන්ඩ ඇත්තෙ, මැණිකේ මගේ හිතේ තනුවට, හිමියනි මගේ හිතේ කියලා ගීතයක් ආවා. මේ තියෙන්නෙ ඒ ගීතය – https://youtu.be/dZB7XqmeL40 හැබැයි ඒක අප්ලෝඩ් කරපු උන් කමෙන්ට් Off කරලා. මොකද උන්ම දන්නවා මේකට හොදවගෙන් අහගන්ඩ වෙනවා කියලා. 😂 ගහලා තියන Dislike ප්‍රමාණයෙන් ගීතයට තියන කැමැත්ත හිතාගන්ඩ පුළුවන්.

  4. Manodaya says:

    බෞද්ද කටයුතු මගින් ඒක පන්සල්වලට ලියල යවපන්. මේ දිනවල කොරෝනා නිසා කටින නොකර ඉන්න කියපන්. බුදුන් දෙසු දෙයක් නොවේයි කටින. පසුව හදාගත් දෙයක්. කරනවා නමි හේවිසි නලා වාදනය හෝ ජයමංගල ගාථා පමණක් සදහා යොමු කරවනු.

  5. roshan says:

    Me gana Nanasara ge mataya podak ahalaballan ko
    Hari shook kiyayi ekai wenna ona eken sanskruthiya lassana wenava kiyala kiyayi