මැත්පැන් හලක් නොදමන්නැයි විරෝධතාවක…

May 27, 2018 at 2:08 am | lanka C news
මැත්පැන් හලක් නොදමන්නැයි විරෝධතාවක…

කිලිනොච්චිය කරච්චි පෙරිය පරන්තන්හි ඉදිකිරීමට නියමිත මත්පැන් විකුණුම් ස්ථානය නොදමන්නැයි ඉල්ලා පෙරිය පරන්තන් ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාවක නිරත වූහ.

කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පෙරිය පරන්තන් වැසියන් ඉල්ලා සිටියේ අදාල මත්පැන් හල එම ස්ථානයේ නොපැවත්වීමට බලධාරීන් කටයුතු කළ යුතු බවටයි.

එමෙන්ම ප්‍රදේශයේ පාසල් දෙකක්ම එම ස්ථානයේ පවතින හෙයින් පාසල් ළමන්ගේ ජීවිතයද අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදු වන අතරම ප්‍රදේශයේ තරුණයින් මතට අබ්බැහි වීමෙන් සමාජ දුරාචාරයන් රැසක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එම ස්ථානයේ මත්පැන් හලක් ඉදිකිරීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරගන්නා ලෙසට විරෝධතා කරුවන් කියා සිටි අතර විරෝධතාවයේ යෙදුනු වැසියන් විසින් කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් වෙතට සන්දේශයක්ද භාරදෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News