මැතිවරණයකට පෙර අන්තර්වාර පාලනයකට යන්න..- මැතිවරණ කොමිසම

April 29, 2022 at 6:20 am | lanka C news
මැතිවරණයකට පෙර අන්තර්වාර පාලනයකට යන්න..- මැතිවරණ කොමිසම

මැතිවරණයකට යාමට පෙර අන්තර්වාර පාලනයක් ඇතිකර වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීම අරමුණු කරගත්, රටට විදේශ විනිමය ලබා ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙළක් සහිත ව්‍යාපෘති අමාත්‍යංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යංශ ඇති කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණයක් පැවැත්වීමේදී රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැයවන බව ත් මැතිවරණයකට පෙර අන්තර්වාර කාලසීමාව තුළ මැතිවරණ නීතියේ ප්‍රධාන සංශෝධන පහක් සංශෝධන කළ යුතුව ඇතැයි සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, මැතිවරණ කටයුතු සඳහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් සිදු කරනු ලබන දැවැන්ත වියදම් සීමා කිරීම හා ඡන්ද විමසීමකින් පසු නිශ්චිත දිනයකට පෙර ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම හා ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම ත් එහි යම් දෝෂ වෙතොත් මන්ත්‍රී සභික ධූර අහෝසි කිරීම සඳහා නීති සංශෝධනය කළ යුතුව ඇතැයි පැවසීය.

තරුණ හා කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමේ විධිවිධාන සෑම ඡන්ද විමසීම් පනතකට ම ඇතුළත් කිරීම සහ ඡන්ද විමසීම් දිනයේ අත්‍යවශ්‍ය සේවාවල යෙදීමට සිදුවන සේවාවල ඡන්දදායකයන් සඳහා ඡන්ද දිනයට පෙර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සිදුකළ යුතුව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහරණයට ගෙන තිබේ නම් හෝ මහජන නියෝජිතයන් විසින් බලය අව භාවිත කිරීම හෝ යම් දූෂිත ක්‍රියාවල යෙදී ඇති අවස්ථාවල හෝ මහජනයාට ඕනෑ ම අවස්ථාවක පැමිණිලි කිරීමේ අවස්ථාව සැලසීම හා එම පැමිණිල්ල පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි සුදුසු ස්ථාවර කොමිසමක් පිහිටු වීම (විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුන්ගෙන් සමන්විත) හා ඒ අනුව වරද අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීම හා ඔවුන්ගේ සිවිල් අයිතිය නිශ්චිත කාලයකට අහිමි කිරීම දක්වා කටයුතු කිරීම. (මෙය මහජන නියෝජිත ක්‍රියා සම්බන්ධව පමණක් අදාළ වන අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අතිරේකව යෝජනා කරනු ලබන්නකි.) (මෙය නැවත කැඳවීමේ එක් ක්‍රමවේදයකි.) යන සංශෝධනය ද ඊට ඇතුළත් වෙයි.

අන්තර්වාර කාලය නිම කර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම ද මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

– මව්බිම

33,150 views

11 Comments to “මැතිවරණයකට පෙර අන්තර්වාර පාලනයකට යන්න..- මැතිවරණ කොමිසම”

  1. ඕපාත says:

    බැසිල් නමැති මීහරකා පාර්ලිමේන්තුවට ගෙනැවිත් ආන්ඩුව ඉල්ලාගෙන කෑවා. එකෙක් බේරෙන්න ගිහින් බොහෝ පිරිසක් නැති කර ගත්තා. ගිය නුවණ අලි දාලා වත් අද්දන්න බැහැ. රැලම ගෙදර පලයව්. දීපු අවස්ථාව කුනු කූඩෙට දාපු කාලකන්නි !

    • dev says:

      Basil newei wimal kiyana kumnatrana karu nisa ada mehema une

      Baslil 1000 gunayak hondai.

  2. KP says:

    මොන අන්තර්වාර මගුලක් ගේන්න කලින් දූශිත රාජ්‍ය නිලධාරීන්, දොස්තරයන් පරිපාලන ලොක්කන් ඇතුලු ග්‍රාමසේවක දක්වා සියල්ල විගනනයට බාජනය කර වැරදි විදිහට උපයාගත් ධනය රජයට පවරා ගන්න ඕනෑ. පාර්ලිමේන්තුව විතරක් වෙනස් කරලා වැඩක් නැහැ.

  3. ඩයස්ෆොඉරා says:

    පුංචිහේවත් නොඉන්නා තැනක් නෑ. හැම ආණ්ඩුවකින්ම ඉහළ පුටු ගන්න මිනිහා දක්ෂයා. කඩේ යාමේ ලස්සන

  4. පසුගිය හා වර්තමාන කොමසාරිස් ඇතුළු ගරු නිලධාරීන් වෙත says:

    පසුගිය මැතිවරණයේදී දැනට ආණ්ඩු පක්ෂය විසින් දිලිසෙන කඩදාසිවල පාටින් මුද්‍රිත ඡන්ද අපේක්ෂකයන්ගේ මුහුණු සහිත පෝස්ටර් මුද්‍රණය කලාට, අද රටේ පෙළ පොත්වලට සහ ප්‍රශ්න පත්‍රවලට කඩදාසි සදහා වියදම් නැහැ. මැතිවරණ කොමසාරිස් ඇතුළු කණ්ඩායම ප්‍රධාන පක්ෂ විසින් ඡන්දවලදී මෙතෙක් සිදුවුණු මුදල් වියදම පොදු ජනතාවගේ අරමුදල් ගසා කා මොවුන් විසින් බව පිළිගත යුතුය.අනෙක් කරුණ නම් , පන්තියෙ අන්තිම වුනු , එහෙත් මැර බලය හා එක්වූ නායකත්වය පමණක් උඩින් පෙන්නන මිනිසුන් අපේක්ෂත්වයට පත් කරන්නේද යන ප්‍රශ්නයයි. අද මැට්ටන් පිස්සු කතා කියමින් පාර්ලිමේන්තුවේ තප්පුලනවිට මුන්ට වඩා හොද මොළයක් ඇති කුඩා දරුවන්ද ඔවුන්ට සමච්චල් කරති. මෙවැනි මෝඩයන් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කිරීම වැලැක්වීමට නීති සෑදීම ඔබ තුමන්ලාගේ යුතුකම වේ. එමෙන්ම උපාධියක් ලැබූ පමණින් මිනිසුන් නිවැරදි යැයි සෑහිමට පත්විය නොහැකි බැවින්, අපක්ෂපාතී වෘත්තීය විශේෂඥ පිරිසක් විවිධ ක්ෂෙත්‍රවල තීරණ ගැනීමට පෙර කරුණු විශ්ලේෂණය කොට ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කිරීම නීතියක් කළ යුතු අතර එම විශේෂඥයන්ගේ නම් ලැයිස්තුව ජනතාවද දැනගත යුතුය. මෙවැනි විනිවිද භාවය රටකට අවශ්‍යවන අතර තවදුරටත් වහළුන් පිනවීම පොදු ජනයා ඉවසන්නේ නැති බව ආත්ම විශ්වාසයක් නැති වහළුන් හටද පසක් කළ යුතුය.

  5. Wijebahu says:

    This costs only rupees not dollars. Why can’t they go straight without eating time on interim government.?

  6. dev says:

    Hool la awa innawa wage

  7. Haritha says:

    මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීම සහ පසුව ඒවා විගනනය කීරීමේ ක්‍රමවේදයක් සකස්කිරීම ඉතාම වටිනවා.

  8. Lifecore says:

    Adapt a method to casting votes thrue a smart phone bere a gvt representative .Save money and time Ask the method from The Univercity of Moratuwa .

Main News