මැතිවරණයක් කඩිනමින්…
December 11, 2020 at 4:40 pm | lanka C news
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යතුමා අතර අද පෙරවරුවේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යතුමා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවේ පැවසීය.
මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවසූහ.
ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී. පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
end of this government
පොහොට්ටු ගමනේ අවසානය…සිංහල බෞද්ධයන් රැවටූ සාපය….අලි සබ්රිත් එක්ක පළාත් සභාවක්වත් දිනවල බලමුකො…
Palathsaba methiwarana mokatada nawa andukrama wiyawsthawak genenewanam. Mun okkoma ekayi. Sinhalayawa andawanawa .ekekutawath chandaya nodenu chanda higamane awoth ganiw kossa.labana gamana meyalatath hodapadamak uganwamu
එල එල ගොං බෛයන්ට රට රැකගන්න තවත් අවස්ථාවක්…😂😂😂
Karunaakara me paarawath hondata hithapalla munge pawul gas walata denna epaa….!!! Apathayanta denna epaa….!!! Mulu sinhala jathiyama rawatapu Rajapaksha lata gawunu ekekutawath chande denna epaaa….!!! Dan therenawa neda wenasa ….? Shapada. …? Appachchi kiya kiya hitiyata uooo hambayangen Jarawa kaala ratama vinasha kalaa
Chandaya mankollakanna puluwan kramayakuth Soya balanna honde.
Ali madiwata harak. Oka thamai den apita adu.
That is what we need. Another set of do keys for us to feed.
Govt has stopped about corona but more interested in elections. Idiots!