මැතිවරණයක් කැදවිය යුතුයි.. නමුත් කවුරු ගත්තත් වසර ගාණකට ගොඩ එන්න බෑ…

July 28, 2022 at 12:00 pm | lanka C news
මැතිවරණයක් කැදවිය යුතුයි.. නමුත් කවුරු ගත්තත් වසර ගාණකට ගොඩ එන්න බෑ…

වත්මන් ආණ්ඩුව පිළිබඳව ද ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇතිව නොමැති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ස්ථාවර දේශපාලන බලයක් නොමැති සැබෑ ජනවරමක් නියෝජනය කරන ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ද ඇති නොවන බවයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හෝ නැවත මහමැතිවරණයක් පවත්වා ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ රජයක් නිර්මාණයට ඉඩ සැලසීම කළ යුතුව ඇති බවද ඔහු සඳහන් කරයි.

කවුරුන් බලයට පත් වුවද පවතින අර්බුදය විසදා ගැනීමට තැවත් බොහෝ කලක් ගතවනු ඇති බවත් පෙන්වා දෙන ඉරාන් වික්‍රමරත්න මහතා ඒ වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ කිහිපයක් ගත යුතු වන බවද කියා සිටී.

27,696 views

15 Comments to “මැතිවරණයක් කැදවිය යුතුයි.. නමුත් කවුරු ගත්තත් වසර ගාණකට ගොඩ එන්න බෑ…”

  1. Lal dayarathne says:

    මෙයාල කොහොමත් ඉතිං බෑ තමයි ඉතිං

  2. Asoka says:

    මැතිවරණයක් තියන්නලු කවුරු ආවත් ආර්ථිකය ඡය ගන්නත් බැරිලු. ඊට පස්සෙ මැතිවරණයක් තියල මෙයාල ඇවිල්ල කරගන්න බැරිවෙනකොට කියාවි.මහඡනතාව අපිව දිනෙවිව හින්දයි අපි ආවෙ අපි එන්න ඉස්සෙල්ලම කිවුව කියයි කවුරු ආවත් කරන්න බෑ කියල.

  3. Monarch says:

    මේ මුදල් ගැටලුව ඉක්මනට විසදුවේ නැත්නම් ණයක් අරගෙන චන්දයක් තියල අලුත් ආණ්ඩුවක් පත් කර ගන්න වෙන්නේ… එක මම කියන්නේ නැතිව හිටියේ..

    පිට රටින් ණය ගැනිල්ලයි, කියන කියන විදිහට රුකඩ වගේ වැඩ කරණ එකයි හරියන වැඩක් නෙවේ.
    GSP+ දෙන්නත් ඉතිං පිට රටවල් කියන කියන විදිහට වැඩ කරන්න ඕනේ නේ…

    කොහොමත් ඔය ණය ගැනීල්ල නවත්තල ආදායම් උපයන්න වෙනවා. අදායමට වඩා වියදම් කිරීමත් පාලනය කරන්න වෙනවා.

    Internet එකේ Crypto website ශ්‍රී ලංකාව Block කරනවා…දැන් දැන් ලොකු ලෙඩක්වෙනවා මේ මුදල් ගැටලුව ඉක්මනට විසදුවේ නැත්නම්

Main News