මැතිවරණයකින් ජය පොහොට්ටුවටයි..- බුද්ධි අංශ වාර්තාව මෙන්න..
November 24, 2018 at 10:12 pm | lanka C news
මහමැතිවරණයක් පැවැතියහොත් උතුරු සහ නැගෙනහිර හැර රටේ සෙසු දිස්ත්‍රික්කවල බහුතර බලය පොදුජන පෙරමුණට හිමි වන බවට බුද්ධි අංශ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.
එහෙත් එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ඇති බවයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇතැම් දිස්ත්‍රික්කවලින් සියයට 55%-70%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවන බවද වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ බහුතරයක් ආසන එක්සත් ජාතික පෙරමුණට වැඩි වාසිදායක තත්ත්වයක් ඇති නිසා සමස්ත දිස්ත්‍රික්ක ප්‍රතිඵලයට එය බලපාන බව ද සඳහන් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසිසහගත තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම මත එම පක්ෂවල ඇතැම් අපේක්ෂක අපේක්ෂකයන්ට තරග වැදීමට නොහැකි වන නිසාය.
මීට අමතරව දෙමළ ජාතික පක්ෂයට ද මහමැතිවරණයකදී ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් එල්ල විය හැකි බවද හෙළිව ඇත. උතුරු පළාත් හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වුවහොත් එහි අවාසිය දෙමළ ජාතික සංවිධානයට බලපාන බව සඳහන් වෙයි.
-ARUNA
අප්පට හුඩු!
අපේ අඹර දමිල හාමුදුරුවො ජර්මනියෙ සුද්දෙකුගෙන් රුපියල් කොටි 3 ක් අරගෙන
ජපුර විශ්ව විද්‍යාලයෙන් හොර ආචාර්ය උපාදියක් දීලා මාට්ටු වෙලාලු නේද?
අයියෝ අපේ පුරවේසි පෙරමුනට ගියකල!!!
බයියො 2015 ජනාධිපතිවරණයට කලිනුත් ඔය වැනිම සිහින දැක්ක. ගැටලුවක් නෑ සිහින දැකපල්ල. ඡන්ද ගැන අපෙත් ලොකු උනන්දුවක් තිබුනෙ නෑ. හැබැයි ආප්පය කරපු වැඩේට මේ සැරේ රිටන් එක දෙනවමයි.
හැට දෙලක්ෂයෙන එකෙක්
Budi anse innwa BODI NATHI AYATH EA AYA KIYALA ATHI
2014 ,2015 දෙවැනි කොටස නිර්මානය වෙලා ඉවරයි. බලමු පොහොට්ටුව පිපෙයිද කියලා !
ඔන්න ළමයි මම මගේ මඩ ෆැක්ටරිය අරිය ආයෙත්. ඔය කාදිනල් උතුමා හෙම කියල ඉන්නේ මගේ කොල්ලෝ තමයි. -මීට මංගල සෑම්