මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..

June 21, 2020 at 12:00 pm | lanka C news
මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..

හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පාතාල කණ්ඩායම් අතරින් 20 ක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය තත්ත්වයේ පවතින අතර දකුණු පළාතේ ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගෙන පාතාල කණ්ඩායම් 6 ක් ක‍්‍රියාත්මක වන බව ද හෙළි වී තිබේ.

මෙම පාතාල කණ්ඩායම් බහුතරයක නායකයන් ලෙස කටයුතු කරන අපරාධකාරයන් විදේශගතව සිටින අතර තවත් පිරිසක් පාතාල කල්ලි මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිට බව ද වාර්තා වෙයි.

බස්නාහිර පළාත කේන්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් මෙසේය.

දෙමටගොඩ චමින්ද සහ ඔහුගේ සොහොයුරු මෙහෙයවන පාතාල කල්ලිය දෙමටගොඩ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන සක‍්‍රීය තත්ත්වයෙන් සිටියි. දෙමටගොඩ චමින්ද බන්ධනාගාරගතව සිට සිය කල්ලිය මෙහෙයවනු ලබන බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවන කල්ලිය කොටහේන බ්ලූමෙන්ඩල් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. සංඛ විදේශගතව සිට සිය කල්ලිය මෙහෙයවයි.

අංගොඩ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් අංගොඩ ලොක්කා මෙහෙයවන කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යයේ සිට සිය කල්ලිය මෙහෙයවයි.

පස්පොඞ්ඩා මෙහෙයවන පාතාල කල්ලිය ගම්පහ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි. කඩුවෙල ප‍්‍රදේශයේ සක‍්‍රීයව පවතින පාතාල කල්ලිය මෙහෙයවන්නේ ඌරුජුවා නමැති අපරාධකරු විසින්ය. ඌරුජුවා සිය කල්ලිය මෙහෙයවන්නේ බූස්ස බන්ධනාගාරයේ සිටය.

¥නගහ සුජී මෙහෙයවන කල්ලිය දිවුලපිටිය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. බැරල් සංඛ නමැති අපරාධකරු පෑලියගොඩ ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගෙන සිටියි.

ගොනාකෝවිලේ අංජු ඉතාලියේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි. ගොනාකෝවිලේ රොහා මෙහෙයවන කල්ලිය මොරටුව, රත්මලාන ප‍්‍රදේශ කේන්‍ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙයි.

කොටහේන මෝදර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගත් පාතාල කල්ලියට නායකත්වය දෙන්නේ පූකුඩුකන්නා සහ කෙනඩි නොහොත් බුම්මා විසින් ය.

මෝදර ප‍්‍රදේශය සිය පාතාල බලකොටුව කරගත් වැල්ලෙ සුරංග සිය කල්ලිය මෙහෙයවයි. කොටහේන ජම්පටාවීදිය සිය රජදහන කරගත් පාතාල සෙල්ලිගේ පුතුන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් පාතාල කල්ලියක් මෙහෙයවයි.

මාලිගාවත්ත පාතාල රාජධානියට නායකත්වය දෙන්නේ දැනට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් ය.

වනාතමුල්ල ප‍්‍රදේශයේ සිය පාතාල කණ්ඩායම කේන්‍ද්‍ර කරගෙන බිම්සර නමැති අපරාධකරු ක‍්‍රියාත්මක වෙයි. මට්ටක්කුලියේ කුඩු රොෂාන් ද මෝදර ප‍්‍රදේශයේ පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරයි.

ගනේමුල්ලේ සංජීව ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශය පුරා සිය පාතාල බලය ක‍්‍රියාත්මක කරගෙන සිටියි

කඩුවෙල ‘ඉන්‍ද්‍රා’ නමැත්තා ද හංවැල්ල. කඩුවෙල, රණාල, බෝමිරිය ප‍්‍රදේශවල පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියි. කෙසෙල්වත්ත ඩිනුක ඩුබායි හි සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මේ අතර දකුණු පළාත කේ්න්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් 6 ක් මෙසේය.

කොස්ගොඩ තාරක බන්ධනාගාරගතව සිට ගාල්ල, රත්ගම, කොස්ගොඩ ප‍්‍රදේශවල සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය මාතර, කඹුරුපිටිය, මාකඳුර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වන අතර, එම කල්ලිය මාතර ඩිල්ෂාන්, හරක්කටා යන පාතාල සාමාජිකයන් විසින් මේ වන විට මෙහෙයවයි.

මිදිගම චින්තකගේ කල්ලිය ද දකුණු පළාතේ ක‍්‍රියාත්මක වන තවත් පාතාල කල්ලියකි. රත්ගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආමි අමිල නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. තංගල්ල ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගත් නේවි රුවන් පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරගෙන යන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

– divaina

418 views

17 Comments to “මැතිවරණයට පාතාල කණ්ඩායම් 26ක් වැඩ අරඹයි..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    කුඩා කාලයේදී ලිංගික අතවරවලට ලක් වූවන් , පසුව හිරගෙදරදී අධෝ මුඛය පැරණි සිරකරුවන්ට පාවිච්චියට දුන් ,
    අඩු කුලේ එවුන් තමා මේ රටේ පාතාල කාරයෝ කියන්නේ

    • Darshana abayakoon says:

      අර පාතාලේ මෙල්ල කරා කියල පහුගිය දවස් වල නිව්ස් වල තිබ්බෙ?? වෙන රටක වෙන්න ඇති මයේ හිතේ.

  2. RS says:

    Itin mewa dannawanam ay awasya katayutu nokara kikiya inne mokakda tiyana badawa.

    • Saji says:

      ane gonbano, umba katavahaganinn. umbata munwa allanta kiwwe nae ne.

    • GU-VP SAKKILI API says:

      GU-VP-SAKKILI අපි දිවයිනේ ධනවත්ම අංක එකේ සහ පාතාල කල්ලිය.

      නමුත් මේ රටේ මෝඩ ජනතාවට එය තේරුම් ගත නොහැකිය

  3. සංඛ says:

    බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවන කල්ලිය කොටහේන බ්ලූමෙන්ඩල් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. සංඛ විදේශගතව සිට සිය කල්ලිය මෙහෙයවයි

    • Saji says:

      vihilu karala amaruwe waetenne epa bang. sankha passe yana policiya umbawath saekakarai.

    • ඉත්තෑවා says:

      මිනිස්සුන්ට ගිනි දෙන , ජරා වැඩ කරලා හම්බ කරලා වැඩක් නෑ බන්.

  4. GU-VP SAKKILI API says:

    GU-VP-SAKKILI අපි දිවයිනේ ධනවත්ම අංක එකේ සහ පාතාල කල්ලිය.

    නමුත් මේ රටේ මෝඩ ජනතාවට එය තේරුම් ගත නොහැකිය

    • සෙනරත් says:

      සිරාවටම ඔව් බං කැට හොල්ල හොල්ල ඇට හොල්ල හොල්ල ….ඕකුන් ඉන්නකං කවදාවත් කරන්න බෑ

  5. කඩවත වීරමුණි says:

    අර බන්ධනාගාරයේ සිට..මේ බන්ධනාගාරයේ සිට..කිය කියා ලජ්ජා නැතුව කියන හැටි. අම්මපා මොන උත්තකට දා ඕයි ඕකුන් ඇතුලේ ඉන්නේ. එළියේ හිටියා ට වඩා හොදින් වැඩේ කරන් යනවා වගේ. ඊට වඩා නරකද අපරාධ කාර්යෝ එළියේ තියලා, තර්ජන බලපෑම් තියන උන් ඇතුලේ දැම්මා නම්. කොහෙද අපේ ස ‘ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ පතෝල සිරිසේන එක්ක මේලෝ මඟුලක් කරන්න බැහැ. කෝ කට්ටිය දෙන්න අපේ ස ‘ ට හොඳ සද්දයක්…හු…හු. හු ඌ… තව මදි තව මදි…

  6. Jagath says:

    එහෙනම් පොහොට්ටුව දිනයි.

  7. sunimal says:

    පාතාල කණ්ඩායම් අපේ රටින් තුරන් කිරීම සියලුම ජනතාවගේ එකම පරමාර්ථය විය යුතුය එකා මෙන් නැගිටි මෙය ඉටුකරමු.

    • nimalsiri says:

      bangladeshwala inna thamusege genith oya paathaala kalliye kenekda kiyala matanam sekaya.soooooooonimal

  8. rane says:

    ochchara wisthara dengena ewa mardanaya karanna beri ai apita thiyena prasne ekai

  9. Deen says:

    Mr. Thennakoon, Mr. Priyantha, time has come to show you action against this people. Not from TV, you can take action practically. We don’t care any political parties we need peaceful country. It’s not for me not for you. It’s for our children. As you mentioned Mr. GR given all power to you guys. As a strong decision making President he did his job. We salute for him. Now your Turn Sir……….

  10. වරදට දඬුවම නියතයි says:

    මුන්ට නඩු දමලා හිරේ යවන එක මහා අපරාදයක්. අත්අඩංගුවට ගන්න හොඳ නැහැ පණපිටින්. එළියේ හිටියොත් පන බයේ තමයි උන්ට ඉන්න වෙන්නේ. හිරගෙදර හොඳ ආරක්‍ෂාවක් තියනවා අපරාදකාරයන්ට, ජනතාවගේ බදු මුදලින් ලබාදෙන.

Main News