මැතිවරණයට විරුද්ද පෙත්සම් ප්රතික්ෂෙප වීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයක්..- මහ ලේකම්
June 4, 2020 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ගොනු කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගි ජනබලවේගය ලද ජයග්‍රහණයක් යැයි එම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මැතිවරණයක් පැවැත්වීමට තත්ත්වය යහපත් යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළ පසු මැතිවරණයක් පැවැත්වීම සුදුසු යැයි ද ඔහු පැවසීය.
කෙසේ නමුත් රටේ ජනතාව ගැන නොසිතා මැතිවරණය මැයි 15 වැනිදා වුවද පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටි බවද ඔහු කීවේය.
එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
උඹ ඉඳපන් අගෝස්තු 8 ජන්දෙ තියලා 9දා කියපන් ජන්දෙ ගූ ගාගෙන පැරදිච්ච එක සජිත්ගෙ ජයග්රහනයක් කියා.