මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්..

June 21, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්..

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ආසන 153 ක් හිමිවන බව නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපෙක්ෂක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට , ආග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට , ආණ්ඩුවට සහ රටටත් සෙත්පතා  (21) දින මස්කෙලිය මවුස්සාකැලේ සමන්දේවාලයේ පැවති ආශිර්වාද පුජාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එස්.බි.දිසානායක මහතා පැවසිය.

මෙහිදි මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.බි.දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වු ජන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 8 පමණ වැඩි ජන්ද ප්‍රමාණයක් මෙවර ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ලැබෙන බවයි.

ආශිර්වාද පුජාවට පැමිණ සියළු දෙනාම සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සමන් දේවාල පරිශ්‍රයට ඇතුල් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

98 views

35 Comments to “මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්..”

  1. Name is not important says:

    Mahinda nath Nam 70lks ganna puluwan Wei, gotata wade Karan yanna denne naa.

  2. මේකා මේ පාර ගෙදර ..උබ කට අරින්න එපා ..ගන්න චන්ද ටිකක් කඩන්න මූ හදන්නේ

  3. මෙතුමන්ගේ ගනන් නං හරියන බවට විශ්වාසයක් ඇත.මන්න පොංගල ගේ පෙර මිතුරෙකු වුවද එලෙස දේශද්‍රෝහියකු ,පවදෙන්නෙකු නොවීමට මෙතුමන් “මුලටම ” වග බලාගත් නිසා හුදී ජනයා මෙතුමන්ට ජයෙන් ජය හා තිසරණ! ඇතුළු සියළු දෙවි පිහිට පතන්නෙමු! .
    50ස් දෙනෙකු ඒකාබද්දෙන්, ඉන්පසු වියතුන්, ඉන්පසු මුලටම ආ මෙතුමන්ලා,තුමියල 23ටම ජයම වේවා!

Main News