මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 150ක්..

July 25, 2020 at 12:00 pm | lanka C news
මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 150ක්..

මෙවර මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජන බලවේගය අන්ත පරාජයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක් හිටපු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ (24) දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්දු අලුත්ගමගේ මහතා කියා සිටියේ

මෙවර මහ මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි එකක් කියලා මම හිතනවා. පක්ෂයක් වැඩිම ජන්ද ප්‍රමාණයකින් දිනන මැතිවරණයක් තමයි මේක.

රටේ මතයක් තියෙනවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙනියන වැඩපිලිවෙලට දේශපාලන භේදයකින් තොරව සහයෝගය දෙන්න ඕනි කියලා.

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් දැන් ජනාධිපතුමාට සහයෝගය පල කරනවා.

එක්සත් ජාතික පක්ෂය බෙදිලා , රනිල් වෙනම ඉල්ලනවා , සජිත් වෙනම ඉල්ලනවා පාක්ෂිකයා කල කිරිලා ඉන්නේ.

අවු 5 ක් එක්සත් ජාතික පක්ෂ රජයක් තිබුණා හැබැයි කරපු දෙයක් නැ , එක්සත් ජාතික පක්ෂිකයන්ට කිසිදු දෙයක් කරලා නැ.

සජිත් ප්‍රේමදාස නායකත්වයට තියෙන කැදර කමට පක්ෂය ඇතුලේ ගැටුම් ඇති කලා , එක්සත් ජාතික පක්ෂය කඩලා වෙනම පක්ෂයක් හැදුවා.

සජිත්ට තිබුණා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඉදලම තරග කරන්න , පාක්ෂිකයා රැක ගන්න.

එක්සත් ජාතික පක්ෂිකයන්ට පක්ෂය එපා කලේ සජිත් ප්‍රේමදාස කියලා කියන්න ඕනි.

දැන් පාක්ෂිකයන්ට ජන්දය ලබා දෙන්න රනිල් නැ , සජිත් නැ , අලියා නැ , දුරකථනය නැ.

අද පාක්ෂිකයට ජන්දය ලබාදෙන්න තියෙන එකම තැන පොහොට්ටුවට.

ජනාධිපතිවරණයේදි සජිත් සමග සිටි දමිල ජනතාව , මුස්ලිම් ජනතාව අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙලා ඉන්නවා.

මෙවර මැතිවරණයෙන් පොහොට්ටුව ආසන 150 ක් පමණ ලබා ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලබන අන්තම පරාජය මෙවර මහ මැතිවරණයයි. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

345 views
Main News