විපක්ෂ සෝ සුසුම් මැද මැතිවරණ දින නියම කරයි..
June 3, 2020 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීම එළැඹෙන සදුදා දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැුස්වී සිදු කරන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර මැතිවරණය අගෝස්තු මස 08 වන දින හෝ 15 වැනිදා පැවැත්නෙකු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.
මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ සියලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉහත දින දෙකෙන් එක මැතිවරණය පැවැත්වීම කෙරෙහි එම කොමිෂන් සභාවේ අවධානය යොමු කර ඇත.
මැතිවරණය සෙනසුරාදා දිනයක පැවැත්විය යුතු බවට කොමිසන් සභාව මුල සිටම තීරණය කර තිබූ හේතුවෙන් ඒ සදහා ආසන්නම දිනය වන අගෝස්තු 08 හෝ ඊළඟ සෙනසුරාදා දින දින වන 15 වන දින මැතිවරණය පැවැත්විය හැකි දිනයන් වෙයි.
ඒ අනුව මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ නම් සහ ඔවුන්ගේ මනාප අංක ඇතුළත් විශේෂ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඡන්දෙ එපා කියපු උන්ගෙ කුට්ටම ලාච්චුවට දාල වැහුව වගේ වැඩක් උනේ.කිටි කිටියෙම තද උනා නෝ හෙල්ලුන්.දැන් ඉතින් අපට විනෝද සමය නරඹන්න පුළුවන්.ප්ලැකුනිල් දැන්ම කථා හදාගෙන ඉවරයි.කොරෝනා පරණයි, අලුත්ම අලුත් නාට්‍යය පළඟැටියෝ.දැන් කෙසෙල්වත්ත ශාලා පුලුල් තිරයේ පෙන්වන්න සූදානම්.මේ පළඟැටියො ආවෙ අපේ වාසනාවට. රෑට රෑට ඇවිත් පළඟැටියෝ එකා එකා අල්ලල ඔබේ දෙපතුල ලඟට ගෙනත් දෙන්න උනත් සූදානම්.අවශ්‍ය නම් පළඟැටියන් අනුභව කරන විදෙස් රටවලට අපනයනය කර විදේශ විනිමය උපයන්නත් දැනටමත් සැලසුම් හදල ඉවරයි.රැකියා හැට හුට හමාරක් ඒකෙන්ම ජනනය කරන්න පුළුවන්.උස අය දාල ගස්වල ඉන්න පළඟැටියන් අල්ලනව.අල්ලපු උන්ව මුර කරන්න මිටි අයව දානව.
ඔය පලඟැටියන් පිටරට යවනවැඩේ බාරදෙමු පන්ඩිත් කරුනාරත්න පරනවිතානට. ඒ ගොබිල තමයි කිව්වෙ
අපේරටේ කැලෑවල ඉන්න වඳුරොයි, අලි ඇතුනුයි අල්ලල පිටරට පැටවීමෙන් විශාල විදේශ විනිමයක් හොයාගන්ඩ පුලුවන් කියල.
සජබ සීනු රැලට මළපහ බරවෙන්න ඇති නේ.