මැතිවරණය අහෝසියට දත කන හේතුව හෙලි වෙයි.. සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

May 7, 2020 at 10:00 am | lanka C news
මැතිවරණය අහෝසියට දත කන හේතුව හෙලි වෙයි.. සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඇති සමගි ජනබලවේගය පක්ෂයත් එහි නාමයෝජනා ලැයිස්තුවක් නීතිවිරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔෂල හේරත් මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

මැතිවරණය කල්දමා ගැනීම සඳහා එම බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අධිකරණය වෙත යාම යාම මේ හා බැඳුණු දේශපාලන උවමනාවක් යයි ද ඔහු සඳහන් කර තිබේ.

මේ බව සදහන් කරමින් ඔහු තම සමාජජාල පිටුවේ තබා ඇති සටහන මෙසේ ය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි හැමෝම එකගයි, කොරෝනා ප්‍රශ්නය හරියාකාරව පාලනය වන තෙක් මේ මැතිවරණය කල් දැමිය යුතු බවට සහ මහජනතාවගේ ජිවිත අවදානමකට ලක් නොකර මැතිවරණය පැවැත්විය හැකි මුල්ම අවස්ථාවේ මැතිවරණය පැවැත්විය යුතුය කියන කාරණයටත්. අපිට අවශ්‍ය මැතිවරණ දිනය පිළිබද තීරණයක් ගන්න නම් ඇයි මේ සමගි ජන බලවේගයේ හොර ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා මේ මැතිවරණයම අවලංගු කරන්න කියලා උසාවි යන්නේ. ඇත්තටම ඒ අවශ්‍යතව කොරෝනා වලට සම්බන්ධද? නැත්නම් දේශපාලනිකද?

මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24 (3) වගන්තියට අනුව හදිසි අවස්ථාවක් පවතින විට මැතිවරණය කල් දැමීමේ බලය තියෙනවා. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රිකයට දිනය නියම කර කර හරි සමස්තයක් වශයෙන් මැතිවරණය හදිසි අවස්ථාව පහව යන තෙක් කල් දැමීමට අවසර තියෙනවා. නාම යෝජනා ලබා දී තියෙන අපේක්ෂකයෙක් හදිසියේ කොරෝනා රෝගයෙන් හරි මියගිය හොත් ඒ වෙනුවට වෙනකෙක් පත්කර ගන්න අවසර පණතේ 25 වන වගන්තියේ කියලා තියෙනවා. එහෙනම් මොකටද මැතිවරණය ප්‍රකාශ කරපු මාර්තු 2 වෙනිදා නිකුත් කරපු ගැසට් පත්‍රය අවලංගු කරලා අලුතෙන් මැතිවරණයක් කැදවන්න තියෙන අවශ්‍යතාව.

මම රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයේ හොර ලේඛම් කියලා කියන්නේ ඇයි? එකට හේතුව තමයි ඒ පත්වීම වංචනික ලෙස සිදුවූවක්. ඒ බව මම ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. එකට අදාළ පෙත්සමේ තොරතුරු තමයි පහලින් තියෙන්නේ. SC Write -01/2020 තමයි නඩු අංකය. මම විශ්වාස කරනවා ඒ පත්වීම් වංචනිකයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි මගේ පෙත්සම සමග මම ගොනු කරලා තියෙනවා කියලා. ඒ තොරතුරු නඩුව විභාග වෙනකොට හැමෝටම දැන ගන්න ලැබේවි. නඩුව මොකක් උනත් සමගි ජන බලවේගයේ ඉන්නේ මොන වගේ හොරුද කියලා ලෝකෙටම අනිවාර්යෙන්ම දැන ගන්න ලැබේවි.

මැතිවරණය කල් දාන එකට මම එකගයි. මැතිවරණය අවලංගු කරන එකට මම විරුද්ධයි. මට ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මට පාර්ලිමේතුව යන්න නොලබෙවිවත් නැත්නම් නැවත නාම යෝජනා නොලබෙවිවත් කියන කරණය නිසා නොවේ. මම මේ ජන්දේ අවලංගු නොවී ඉදිරියට යනවට කැමති මේ රටට හොදක් වෙන්න ඕනේ කියලා හිතන දෙවි කෙනෙක් ගේ බැල්මෙන් හරි මගේ නඩුව ගොඩ ගියොත් සමගි ජන බලවේගයේ නාම යොජාන ලයිස්තුව අවලංගු වෙලා 225න් අතිබහුතරයක් ගෙදර යවන්නත් ඒ වෙනුවෙන් පිරිසිදු නිවැරදි අලුත් මහජන නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු යවන්නත් ජනතාවට අවස්ථාවක් උදා වෙන නිසා. ඒ නිසාම සමගි ජනබල වේගයේ ලේකම් ලෙස නඩු පැවරීමට රංජිත් මද්දුමබණ්ඩාර හට අයිතියක් නෑ කියලා මගේ පෙත්සම මගින් ඔප්පු කරන්න මම අවශ්‍ය උත්සාහය ලබන සතියේ ගන්නවා.

– Oshala Herath FB

371 views

27 Comments to “මැතිවරණය අහෝසියට දත කන හේතුව හෙලි වෙයි.. සජිත්ගේ පක්‍ෂය නීති විරෝධීයි.. සියළු නාම යෝජනා අහෝසි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. Buddhist says:

    Monada wenasa SJB saha SLPP dekama patan gathha widiya ekai.

  2. S.D Banda says:

    We tell to every body the political gossipers has not created New Environment of Political platform in Sri Lankan.Therefor majority political parties are lost vision of future of our People of Island. 99% of Political are corrupted deal withing deal in behind screen?

  3. S.D. Banda says:

    We have tell to every body the political gossipers has not created New Environment of Political platform in Sri Lankan.
    Therefor that majority political parties are lost vision of future aspiration of our People of Island. Indeed 99% of Political classes and Parties are corrupted, by deal withing deal in behind screen?
    We can see after Coronavirus of that consequence in locally and world-wide ?
    It won’t take much time!
    The People of World demanding for New Order in each and every country …so soon@

Main News