මැතිවරණය ඉල්ලා පෙත්සමක් අත්සන් කරයි…

July 2, 2019 at 2:04 am | lanka C news
මැතිවරණය ඉල්ලා පෙත්සමක් අත්සන් කරයි…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා රජයට බල කරමින් ඇල්පිටියේ ජනතාව ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී මෙන්ම ඇල්පිටිය නගරයේදී පෙත්සමක් අත්සන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මැතිවරණය පවත්වන ලෙසද එම පෙත්සමට අත්සන් කරමින් ඇල්පිටියේ ජනතාව ඉල්ලා සිටියේය.

2018 පෙබරවාරි 10 දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 341 ක් මැතිවරනය පැවැත්වීම සදහා සුදුසුකම් ලබා තිබුණද මැතිවරණය පැවැත්වූයේ පළාත් පාලන ආයතන 340 ක පමණි. 2018 ජනවාරි 30 වන ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ගැටලුවක් මත ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අදාළ අතුරු තහනම නඩුව විභාගකර අවසන් වන තෙක් ක්‍රියාත්මක බවද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සදහන් විය. නමුත් මේ වන විට ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමට අදාල නඩුව විභාග කර අවසන්ව ඇතත් ඒ පිළිබඳව මෙතෙක් තීන්දුව ලබා දී නොමැත. ඊට අදාල තීන්දුව තීන්දුව ලබා දෙන ලෙසට අගවිනිසුරුවරයාට බල කිරීමද මෙම මහජන පෙත්සම ඉදිරිපත් කරමින් සිදු කිරීමට අදහස් කරන බව පෙත්සමට අත්සන් කරන ඇල්පිටිය ජනතාවගේ අදහස වී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම අත්සන් කිරීමේ වැඩ පිලිවෙල සංවිධානය කර තිබේ. ඒ සඳහා ඇල්පිටිය නගරයට විශාල පිරිසක් එක් රොක් වී සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.

එම මන්ත්‍රී වරුන් ප්‍රකාශ කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මේ වන විටත් ලේකම්වරිය යටතේ පවතින බවත් ඒ හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් ඉටු විය යුතු රාජකාරී විශාල වශයෙන් ප්‍රමාද වි ඇති බවයි. ඒ නිසාම මේ වන විට ඇල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඌණ සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් වෙමින් තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කරති.

– ජයකාන්ත ලියනගේ

27 views
Main News