මැතිවරණය එපා.. අපි නඩු දානවා..- රාජිත

November 11, 2018 at 6:29 am | lanka C news
මැතිවරණය එපා.. අපි නඩු දානවා..- රාජිත

ව්‍යවස්ථානුකූල නොවන අයුරින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ නීති විරෝධී මහ මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

පාර්ලිමේන්තුවේ බලය පෙන්වීම සදහා ජනාධිපතිවරයා සහ නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා ගත් උත්සාහය පරාජයට පත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර බලය පෙන්වීමට අපොහොසත් වීමත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කලා. ඔවුන්ට මන්ත්‍රීවරු 104 ක් සිටින බව අද පිලිගත්තා. මැතිවරණය කැදවන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි. නීති විරෝධී මැතිවරණයක්. එම මැතිවරණය තුලින්ද ජනිධිපතිවරයා දෙවන වරටත් පරාද වෙනවා.

ජනාධිපතිවරයා බලයට පැමිණියේ ජනාධිපති බලතල භාවිතා කරන්නේ නැහි කියලයි. ව්‍යවස්ථාවේ නොමැති දේවල් කරන්නේ නැහැ කියලා. එත් ව්‍යවස්ථාවේ වොමැති දේවල් කරනවා. ජනාධිපතිවරයා බලයට පත් කල එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පලි ගන්නවා. ජනාධිපතිවරණයේ දී ඔහු පරාද කිරීමට කටයුතු කළ පිරිස් සමග එක්ව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට සූදානම්. තවද මැතිවරණය අවලංගු කිරීමට ද සූදානම්. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් බිහි කරනවා.

ලේක ප්‍රජාව මෙම ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඉදිරියේ දී විවිධ සම්බාධක එන්න පුළුවන්. තවද මෙම මහ මැතිවරණය සදහා අයවැයේ මුදල් වෙන් කර නැහැ. මැතිවරණයතට මුදල් වෙන් කළ යුත්තේ පාර්ලිමේන්තු අය වැයක් මගින්. වෙනත් වැය ශීර්ෂ මගින් මුදල් ලබා ගැනීම සදහාද පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතුයි. අර්බුධ ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. ජනාධිපතිවරයා “බදුරුවා ආචාර්යවරයාගේ තත්වයට පත් වෙලා” තිබෙනවා මට කනගාටුව මෙවැනි පුද්ගලයෙකු මම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා කිරීමයි. අද ලැජ්ජයි.

2015 ජනවාරි 08 දා අපි ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලය නතර කළත් අපි එම සටන ඉදිරියටම ගෙන යනවා. ජනාධිපතිවරයාට උපදෙස් ලබා දුන් නීතීඥයින් සහ හිටපු අගවිනිසුරුවරයා නීතිය ක්‍රියාත්මක කල අය නොවෙයි. වෙනත් නීති විශාරදයින් මෙය නීති විරෝධී බව පෙන්වා දී තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ වත්මන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් ඔවුන් අද පරාජයට පත්ව තිබෙනවා. මැතිවරණ කොමිෂම මෙම තීන්දුව පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තනි තීන්දුවක් ගන්න බැහැ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වැඩි වශයෙන් උනන්දු වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ප්‍රකාශ කලේ විධායක ජනාධිපති බලතල ඉවත් කරනවා කියලයි. එම පොරොන්දුව දැන් කඩා දමලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් භාවිතා නොකල බලතල සහ ව්‍යවස්ථාවේ නොමැති බලතල මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරනවා. මෙම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහෝ පිරිස් නඩු පවරයි.

– rajitha media

154 views

30 Comments to “මැතිවරණය එපා.. අපි නඩු දානවා..- රාජිත”

  1. rambanda says:

    yep go ahead and do it Rajitha.Then you will say the high court decision is biased and not fair, so cannot be accepted. You ard your ffing son are the worst bastard politicions (bar Ranjan) in the world.

  2. බැඳුම්කර හොරු 118 සංසදය says:

    මැතිවරණ එපා…අපිට කෙළවෙනවා….!

  3. Ryan says:

    Main concern of UNP JVP TNA is that they have to spend their bond scam profit share for election, also most JVP UNP TNA guys couldnt collect their commissions due to siras sudden turn

    Thats why JVP UNP TNA coallision is against election

  4. Gayantha says:

    මූව නම් ඊලග චන්දයකදී අනිවා පරද්දන්න ඔන මොන පක්ශයෙන් ඉල්ලුවත්.

  5. Ivan says:

    Very simple. If you think the election is unconstitutional boycott the election.

  6. chandapala says:

    රාජිත හුඑන්පියේ අනාගත නායකයා ??????? සජිත් ඔබට අබ සරණයි.

  7. Nimal R says:

    ඔවු . දාපන් නඩු . ඔක්කොටම ඉස්සෙල්ලා මේ කුණු දතාට විරුද්ධව අල්ලස් කොමිසමට දාලා තිබෙණ පැමිණිල්ල විභාග කරලා දත් ගලවලා නැවු අටක් ගත්ත හැටි හොයලා මූයි මුගේ ගොන් පුතයි හිරේ යවලා ඉන්න ඕනෑ .

  8. siran says:

    යූ.ඇන්. පී. කාරයෝ වෙන රනිල්, සජිත්.. වගේ අයත් ශ්‍රීලංකා කාරයෝ වෙන රාජපක්ෂ, වෙල්ගම වගේ අයත් පරාද උනාට හැමදාම පක්ෂ මාරු කරන අය නිතරම දිනල …මෙඋන්දලා තමයි රට ක.න්නේ.. ආපු ගමන් බිස්නස් වල ට හරියන්නෙ නැති නිලධාරින්ට ගේම දෙනවා….හිතන්නෙ හැමදාම රජවෙන්න උනත් අවනීතිය රජකරාම තමන්ටත් එහෙම වෙන බව සිතා ගන්න

  9. D .Nimal says:

    By SC having no legal rooms to suppressed right to vote of sovereignty of the People.
    No judiciary and court of law having any legal permitted undermined elections in 2019 January 5th

  10. Eiffel says:

    ජනතාවගේ ඡන්ද අයිතිය සොරා කෑමට වලිකන එවුන්ව පාර්ලිමේන්තුවට නොඑවීමට මහජනතාව සතු වගකීමක්, රට වෙනුවෙන් කරනා මහා යුතුකමක්…

Main News