මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

May 1, 2020 at 4:40 pm | lanka C news
මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

එලැඹෙන ජූනි මස 20 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ හිටපු ආණ්ඩුකාරයෙකු හා සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකුද වන මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිත මෛත්‍රී ගුණරත්න මහතා විසිනි.

මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන්, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නම් කර ඇති මැතිවරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවද පෙත්සම්කරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

පැමිණිල්ල සලකා බලමින් මැතිවරණය පැවැත්වීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

368 views

45 Comments to “මැතිවරණය එපා.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..”

  1. බාලි 6 යි says:

    රජයක් පත්කර ගැනීමට රටවැසියන්ට නීත්‍යානුකූලව ලැබී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්ද පාවිච්චි කිරීමෙ අයිතිය නැතිකිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව ඕනැම ගොනෙකුට තේරුම් යා යුතුය

  2. Mala says:

    මැතිවරණ භීතිකා

  3. ජය says:

    බලව් බලව් කොපි අලපාලු නෙයියාඩගම. තිර රචනය අටපාස් ….. කොපිය 3%…. රංගනදායකත්වය back… ව්දුලි ගාස්තුව මහාබංකු… ගුස්තිරාල… පරිවර්ථක සහරාන් බෝස්.. තව ඉදිරියට තව තව සෙල්ලම්
    අපි බලමු රචක කවුද කියලා

  4. kumara says:

    ‍මේ ‍වැ‍ඩේ ‍යු.න්‍.‍පි.‍එ‍ක‍ට ‍අ‍ලුත්‍ ‍දෙ‍යක්‍ ‍නෙ‍මෙ‍යි. 1980 ‍ග‍නන්‍ ‍ව‍ල J.R. ‍ගෙ ‍කා‍ලේ , ‍ම‍හ ‍චන්‍‍ද‍ය ‍එ‍පා ‍කි‍ය‍ල ‍ලාම්‍‍පු ‍ක‍ල‍ගෙ‍ඩි ‍සෙල්‍‍ල‍මක්‍ ‍දැම්‍‍ම.

  5. නිමල් says:

    ඒ කියන්නේ තොපි අපේ ජන්ද දීමේ අයිතිය අහෝසි කරන්න කියලා නඩු කියනවා. ඒකයි තත්වය. අපේ මානව අයිතිය උල්ලංඝණය කරන්න දගලනවා

  6. senadi says:

    ‘ඒ විතරක් මදියි ඇයි උබලා යන්නේ නැද්ද පරණ හුචක්කු රට උලාකාපු පාර්ලිමේන්තුව නැවත කැදවන්න කියලා ??’

    ඒක ඊලඟ ජවනිකාව.

  7. කිරිමෙල් says:

    ඒ කාලෙ කවුදෝ පක්ෂ නායකයෙක්, ජනතාවගේ පරමාධිපත්‍යය ගැන නිරතුරුව සද්ද දැම්ම. කෝ දැන් ඒ සද්ද? පහුගිය කාලෙ අඟමැති වෙලා ඉන්නකොට ඔක්කොම අමතක වෙලා.

  8. kawinda says:

    duwala duwala gihin sigiri galema oluwa gahagaththa wage putha meka. aparade tharuna oya..

  9. david milibanda says:

    When Provincial Council elections were not held, where were these buggers ?

  10. Jeewanee Kariyawasam , chilaw says:

    කෝ දැන් අර ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය වෙනුවෙන් හිටි පිණුම් ගහපු පුරවේසි පෙරමුනේ අපතයෝසෙට්එක; අනාචාර්ය හරක් විජේසූරියල, තට්ට වියන්ගොඩල, හඩු ජනරංජනල, පිරිමි සාත්තු සේවිකාව, ගෑස් අමිලල?

    • Janaka from Mathara says:

      උන්ට ඩයස්පෝරා එකෙනුයි NGO වලිනුත් ගෙවන එක නවත්වල.
      උන්දැන් ඉන්නෙ නන්නත්තාර වෙලා.

Main News