මැතිවරණය එයි.. නිල බලය යට ගොස් ජනබලය උඩ එයි.. ශ‍්‍රීලනිපය සමග හවුල් සාකච්චාවට ඒකාබද්දය පයින් ගහයි..

November 2, 2017 at 9:20 am | lanka C news
මැතිවරණය එයි.. නිල බලය යට ගොස් ජනබලය උඩ එයි.. ශ‍්‍රීලනිපය සමග හවුල් සාකච්චාවට ඒකාබද්දය පයින් ගහයි..

ඉදිරි මැතිවරණය සදහා තරග වැදීම ඇතුළු කාරණා කිහිපයත් සාකච්චා කිරීම සදහා සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය නොපිලිගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය මන්ත‍්‍රී පිරිස තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකදී එම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට ශ‍්‍රීලනිපය විසින් නිල ආරාධනාවක් යවමින් කියා තිබුනේ ශ‍්‍රිලනිප හා සන්ධාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට හෙට දිනයේ සහභාගී වන ලෙසයි.

මේ ගැන සාකච්චා කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී තීරණය වී ඇත්තේ ඊට සහභාගී නොවී සිටිමට වන අතර ඒ සම්බන්දයෙන් අද දිනයේදී ලිඛිතව දැනුම් දීමට නියමිතය.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පසුගිය කාලය පුරාම කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තමනට කරන ලද වංචාව හොදින් මතකයේ ඇති බවත් නැවත වතාවක් එවන් උගුලක වැටෙන්නට කිසිදු සූදානමක් නැති බවත්ය.

53 views

16 Comments to “මැතිවරණය එයි.. නිල බලය යට ගොස් ජනබලය උඩ එයි.. ශ‍්‍රීලනිපය සමග හවුල් සාකච්චාවට ඒකාබද්දය පයින් ගහයි..”

  1. රාහුල කොලුවා says:

    ඔය තීරණේ නොගත්තා නම් ඒකාබද්ධයටත් මලබද්ධය හැදෙන්න ඉඩ තිබුනා… ශ්‍රී ලංකා එකේ හුළඟවත් අපිට එපා..

  2. nidahas says:

    ශ්‍රිලනිප විනාශ කරේ චන්ද්‍රිකායි, බැසිලුයි. බැසිල් වෙනම පක්ෂයක් හැදුව. චන්ද්‍රිකා ශ්‍රීලනිප එයාගෙ උරුමයක් වගේ රෙද්දපල්ලෙ දාගෙන ඉන්නවා. ඡන්ද ගන්න පුළුවන් අය අයින් කරනව. මේ ගැනි ඉන්නකම් ශ්‍රීලනිප ගොඩ එන්න බෑ. “එක මිටට හරි අතට” කියල සංවත්සරේදි කිව්වට හරියන්නෙ නෑ කරල පෙන්වන්න ඕන.

    • සිංහල බන්ඩා says:

      චෞරි ගෙ වැඩ වලට අැය් බැසිල් ගාව ගන්නෙ. ඔිය වගෙ කතා ජූඅැම්පී කොන්තරත්.

    • asaranaya says:

      දැන් ජිරිලන්කාකාරයෝ “එක මිටකට” අහුවෙන ගානෙට තමයි ඉන්නේ ,ඒකත් ලඟදී “අලි ගොඩට”, එවිට ඉබේටම “එක මිටට අත අලියට” වෙයි. එවිට ඔක්කොම හුකුම් ඉවරයි හිටන්

  3. daham says:

    nidahas, oya ethakota kiyanne dan basil me podu jana peramuna hadala kara gena yana wada piliwela waradiyi kiyalada? dan mulu ratama sanvidhaanaya karala eakabaddha vipakashayata kamathi janathaawa million gananin ekathu kara gena thiyenne basilge pragramme anuwa neda?

  4. vishnu says:

    ගියපාර මහින්ද මහත්තය රවට්ටපු කිසිමකෙනෙක් නැවත ගන්න එපා.
    එහෙම උනොත් පොහොට්ටුවෙත් අවසානය

    • ජසයා says:

      පොහොට්ටුව පිපෙන්නත් කලින්ම පරවෙලා යාවි.

  5. Kolitha says:

    Eka mitata….Ali katata….

  6. yasmin says:

    ok now all of them will be kicked out from the parliament, 19th amendment can do it.

  7. Sadda says:

    Illanka pakshe 3ta 4ta dala ivara karala danakan mata nam ninda yanne nehe.

  8. Critic says:

    A great decision by JO! We support you in future!

  9. nipun says:

    we all agree that decision . ayyyyyoooooooooo SLFP EPA EPA EPAAAAAAAAAAAA

  10. RAJ says:

    මොනවා උනත් කියන්න තියෙන්නේ මේකයි. ඕකුන්ගේ උගුල් වලට අහු වෙන්න ඵපා. රට පාවා දුන් එවුන් ඔබතුමාව රවටන එක සහතිකයි . ශ‍්‍රීලනිපය සමග එකතු උනොත් අපි ඔබතුමා සමග නොවන වග මතක තියා ගන්න.

Main News