මැතිවරණය එයි.. නිල බලය යට ගොස් ජනබලය උඩ එයි.. ශ්රීලනිපය සමග හවුල් සාකච්චාවට ඒකාබද්දය පයින් ගහයි..
November 2, 2017 at 9:20 am | lanka C news
ඉදිරි මැතිවරණය සදහා තරග වැදීම ඇතුළු කාරණා කිහිපයත් සාකච්චා කිරීම සදහා සාකච්ඡාවක් සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය නොපිලිගැනීමට ඒකාබද්ධ විපක්ෂය මන්ත්රී පිරිස තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්චාවකදී එම පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒකාබද්ද විපක්ෂ මන්ත්රී කණ්ඩායමට ශ්රීලනිපය විසින් නිල ආරාධනාවක් යවමින් කියා තිබුනේ ශ්රිලනිප හා සන්ධාන නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට හෙට දිනයේ සහභාගී වන ලෙසයි.
මේ ගැන සාකච්චා කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුවේදී තීරණය වී ඇත්තේ ඊට සහභාගී නොවී සිටිමට වන අතර ඒ සම්බන්දයෙන් අද දිනයේදී ලිඛිතව දැනුම් දීමට නියමිතය.
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් පසුගිය කාලය පුරාම කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තමනට කරන ලද වංචාව හොදින් මතකයේ ඇති බවත් නැවත වතාවක් එවන් උගුලක වැටෙන්නට කිසිදු සූදානමක් නැති බවත්ය.
Congratulations!! A very bold decision by the Joint Opposition.
You’re the only hope for the masses of this country. Please save
our country from this destructive Yamapalana govt.