මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..

April 29, 2020 at 8:40 am | lanka C news
මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් මැයි මස 15 වන දින වන විට වත් කොරෝනා පාලනය කර රට සාමාන්‍ය තත්වයට පත්වී තිබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය තවත් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වීමක් නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක් වත් ගත විය යුතු බවද ඔහු පැවසීය.

ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි යැයි කොමිසම මෙතෙක් තීරණය කර නැති බවත් දැනටමත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරගෙන යමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මැතිවරණයක් කල්දැමීම හිතකර තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍යමය අර්බුදය විසඳා ගත නොහැකි වුවහොත් පමණක් අකමැත්තෙන් වුවද මැතිවරණය වෙනත් දිනයක පැවැත්වීමට සිදුවන බවද ඔහු තවදුරටත් පැවසීය.

216 views

28 Comments to “මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..”

  1. Cyril says:

    Do no compare our Maco with Trump. Maco is a brilliant science graduate from Peradeniya University. He will do right thing at the right time.

  2. Open mind. says:

    මේ වතාවේ ලොතරැයි මඟින් මන්ත්‍රී ලා තෝරමු. කොයි කෙනා ගියත් එකයි. තව අවුරුදු පහකින් අද තියෙන තැටියම වාදනය කළ හැකි යි.

  3. වෙබ් බුවා says:

    කොරියාවෙ ඡන්දෙ තිබ්බෙ කොරෝනා ඉවර කරලද. රජය අස්ථාවර වුවොත් කොරෝනා මර්ධනයට බාධා ඇතිවේ. මේ වන විට මන්ත්‍රී ධූරවල වලංගු භාවය අවසන් වෙමින් පවතී. මේ ආකාරයට මැකෝ ඡන්දය නොපවත්නා වෙට්ටු දමන්නේ නම් කොරෝනා උවදුර උග්‍ර වනු මිස අඩු නොවනු ඇත. අන්තිමට මැකෝට හොම්බෙන් යාමට සිදුවනු නියතය

    • උදාර says:

      එපා එපා චන්ද එපා..අපේ ස’ ඉන්න කම් පාර්ලිමේන්තු එපා…මේ යන විදිය හොඳයි.. ඇඳිරි නිතිය තිබ්බ කියල අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පරිසර දුෂනයත් අඩුවෙලා..ගස් වැල් ප්‍රබෝධමත් වෙලා..