මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..

April 29, 2020 at 8:40 am | lanka C news
මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් මැයි මස 15 වන දින වන විට වත් කොරෝනා පාලනය කර රට සාමාන්‍ය තත්වයට පත්වී තිබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය තවත් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වීමක් නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක් වත් ගත විය යුතු බවද ඔහු පැවසීය.

ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි යැයි කොමිසම මෙතෙක් තීරණය කර නැති බවත් දැනටමත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරගෙන යමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මැතිවරණයක් කල්දැමීම හිතකර තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍යමය අර්බුදය විසඳා ගත නොහැකි වුවහොත් පමණක් අකමැත්තෙන් වුවද මැතිවරණය වෙනත් දිනයක පැවැත්වීමට සිදුවන බවද ඔහු තවදුරටත් පැවසීය.

231 views

28 Comments to “මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..”

  1. බන්ඩා says:

    මොනම කරැණක් නිසා වත් ඇමරිකාවෙ ජනාධිපතිවරණය කල් නොදමන බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

    • country man says:

      Yes he dose not have much brains any way.

      • George says:

        කොරෝනා පාලනය අතින් අපි ඉන්නේ ලෝකයේ දියුනු යයි කියා ගන්නා රටවල් වලට බොහෝ ඉදිරියෙන්. මෙය කාලකන්ණි දේශපාලන කුහකයන් කීප දෙනෙක් හැර සියල්ල පිලිගත් සත්‍ය යක්. නමුත් දැන් සිදුවන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවන දෙයක්. මහින්ද රාජිත හා GMOA එක්ව මේ වැඩ පිළිවෙල කඩා කප්පල්කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙනවා. මෙහි න්‍යයාචාර්‍ය වන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ. රටේ ජනතාවගේ වගකීම මේ රජය ආරක්ශා කිරීම. මේ කොමෙන්ට් එක පලවේද යන්න අවිනිශ්චිතයි. හොර තක්කඩින්ට ඕනෑ ආකාරයට මේ රට ගෙන යන්ඩ ඉඩ දෙන්ඩ බෑ. කරුනාකර මේ කොමෙන්ට් එක පලකරන්න.

      • හෙලයා says:

        ඈ බං කන්ට්‍රි මෑන් සජියා ට්‍රම්ප් ගෙන් ප්ලැකනිල් ගෙනත් අපට පොවන්න ඕනැ කිව්වා නේද?

    • Ratavesiya says:

      Corona is something like common cold and, according the WHO, the disease will continue in the society for an unknown period of time.

      Therefore if the election is to be held after the total eradication of covid 19, then we will never be able to conduct the next parliamentary election.

    • උදාර says:

      අනිවාර්යෙන්..ඇමරිකා යන්න බැරි නම් ඇමරිකාව පැත්ත බලන් වැඳගෙන හිටපන්. ආණ්ඩුවේ කක්කා ලෙවකන තව එකෙක්.

      • උබලට ලෙවකන්න නොවේ වෙන්නේ උලාකන්නයි පසුගිය රජයේ කස්ටිය හිටියනම්.අනේ අම්මපා උබලටද මිනිසුන් කියන්නේ මහා ජරාජතියක් කුහක අමුනුශයෝ කොටසක බං උබ්ලනම්.

      • පෑඩ් සජිත් වහලා says:

        දින 100න් මහ බැංකුව හොරාකාලා අප්‍රේල් 21 හලාල් බෝම්බ ගහපු අපේ 8 පාස් නෝ කැපෑසිටි පෑඩ් සජිත් සර් ගූගල් බැලූන් ෆ්‍රී වයිපයි වලින් දුවන මිල සූත්තර පුංචි වොක්සාවැගන් කාර් අපිට නම් ඉතින් දුන්න නේ බං උදාර.. :D<3

    • Saruwa sunil says:

      Deshapriyata jayaweewa…….mathiwaranayayi..prajathanthrawadayayi bangawewa

  2. B4 UNP now Gota says:

    Good Sound

    • මැකෝ says:

      පසුව ලියමි:
      ඒ කියන්නෙ තව කපේකට චන්ද තියන්න මගේ කල්පනාවක් නෑ කියන එක. WHO එකෙනුත් කියල තියෙනවනෙ තව අවුරුදු ගනනක් යනකන් කොරෝනා සම්පූර්ණයෙන් මර්දනය කරන්න බෑ කියල.
      මම චන්ද තියන්න කැමති නැත්තෙ කෙහෙම්මල් කොරෝනාවකින් මිනිස්සු බේරගන්න තියෙන කැක්කුමකට නෙමෙයි. මේ විදියට චන්දෙ තිබ්බොත් UNP, JVP, TNA, මුස්ලිම් පක්ෂ වල මාගේ හිතවත් සහෝදරවරුන්ට වගේම මගේ එක කුස උපන් සුනන්ද දේශප්‍රිය සහෝදරයටත් වැලේ වැල් නැතිවෙන හින්ද.

      • උදාර says:

        කිව්ව එක හරියටම කළා.. එක නෙමෙයි උඹට මෙතන උම්බෑ ගානවට කියක් දෙනවද ?

  3. upsaka says:

    mole padicha eka loku deyak . mako girawata.

  4. padmini says:

    Thank you sir. Voting is a inalienable right of the citizen. None can violate that right by any reason.

  5. හෙලයා says:

    කොරෝනා ඉවර කරපු රටක් ගැන අපි නම් අහල නැහැ. එන්නතක් සොයා ගන්නකන් කට්ටියක් ඉවර වෙනකොට තව කට්ටියක් මතු වේවි. ඒක තමය් ජනාධිපති ට්‍රම්ප් කිව්වෙ ඇමරිකාවෙ ජනාධිපතිවරණය කීයටවත් කල් දමන්නෙ නැහැ කියල. මැකොස අලුත් ක්‍රමයට මැතිවරණය තියන්න උගත යුතුය්.

  6. දියරකුස් says:

    තැපැල් චන්දයක් මුලු ලන්කාවටම තියන්න බැරිද?

  7. Simple Logic 5000 ගන්න ඔය උජාරුවට පෝලිමේ සිටියේ අන්න ඒවගේ පෝලිමේ ගිහින් තමාට කැමති පුද්ගලයෙකුට චන්දය භාවිතා කරන්න එච්චරයි.ප්‍රශ්නය ඉවරයි.නැතිව මේ ව්‍යිරස ඉවරවනතෙක් සිටීම නොවටිනා බැවින් මොකද දිනයක්,කාලයක්.අවුරුද්දක් කිවනොහැකි නිසා.

    • Hitang says:

      හරියට හරි. ඔක්කොම mask දාල මීටර් දුර තියලා චන්දේ තිබ්බම කැමති අය ගිහින් දමයි. බාර් ඇරපුවහම පෝලිමේ හරි නැතුව හරි පුළුවන් නම් ඇයි මේකට තියෙන ප්‍රශ්නේ. මේක පුතානෝ සහ ගැන්සියේ කකුල් වෙව්ලන ප්‍රශ්නයක් විතරමයි.

    • catseye says:

      දිය රකුස් සහ පොළොන්නරුවේ සරල මිනිහ දෙන්නගෙන්ම අහන්නේ …..චන්දයක් දෙනවා කියන්නේ පෝලිමේ ගිහින් කතිරයක් ගහන එකට නෙමේ …….උඹල වගේ හරක් නිසා තමා මේ රට කාබාසිනියා වෙලා තියෙන්නේ ……….මැටි හරකුනේ……..චන්දයකට පෙර රැස්වීම් තියල එක එක පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති සහ සංවර්දන වැඩ පිලිවල ඉදිරිපත් කරපුවහම ඒ අනුව තමා කාටද චන්දෙ දෙන්නේ කියල මිනිස්සු තීරණය කරලා ගිහින් කතිරේ ගහන්නේ ….නැතිව උදේ ගිහින් මීටරයක් ඇතින් හිටගෙන කතිර ගහනවා නෙමේ ….නොදකින් මෙහෙම වහල් මැටි මෝඩ අමන හරක් …..මෙවුන් රටටම සාපයක් …….

  8. මැකෝ says:

    පසුව ලියමි:
    ඒ කියන්නෙ තව කපේකට චන්ද තියන්න මගේ කල්පනාවක් නෑ. කෙහෙම්මල් කොරෝනාවකින් මිනිස්සු බේරගන්න තියෙන කැක්කුමකට නෙමෙයි. මේ විදියට චන්දෙ තිබ්බොත් UNP, JVP, TNA, මුස්ලිම් පක්ෂ වල සහෝදරවරුන්ට වගේම මගේ එක කුස උපන් සුනන්ද දේශප්‍රිය සහෝදරයටත් වැලේ වැල් නැතිවෙන හින්ද.

  9. Vasanthi says:

    Problem is thst the contestants cannot hold meeting gathering people here and there to promote their visions. Its not only go in queue and vote your csst. You have to study the person you are elecying. So its about / for you andme the maco is speaking. He positively dereams that each person will want to elect his lawmaker with at least some sense. You send some idiot and start scolding from the nect day. Think before you leap. And respect the majority you like or not

  10. Donald Isuru Boris Wilegoda says:

    Our president will win two thirds majority

Main News