මැතිවරණය දිනා ආණ්ඩුව පිහිටුවා සියළු කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙනවා.. මං දුෂ්කර ක‍්‍රියා කරනවා..- සජිත්

June 24, 2020 at 12:40 pm | lanka C news
මැතිවරණය දිනා ආණ්ඩුව පිහිටුවා සියළු කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් නොමිලේ දෙනවා.. මං දුෂ්කර ක‍්‍රියා කරනවා..- සජිත්

ජනතාව වෙනුවෙන් දුෂ්කරක්‍රියා කර දේශපාලන ව්‍යාපාරය සාර්ථක කිරීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන්ගේ පක්ෂය එළැඹෙන අගෝස්තු 05 වැනි දා ජයග්‍රහණය කර ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මෙරට සියලු කාන්තාවන් වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බවත් ඔහු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනතාව සිටින දුෂ්කර නිවාස වෙනුවට ශක්ති සම්පන්න, ඉඩකඩ තිබෙන මහා නිවාස මහල් යෝජනා ක්‍රමයක් බොරැල්ල වනාතමුල්ල බල ප්‍රදේශයේ ඉදි කරන බව ද ඔහු එහිදී පැවසීය.

එදා තමන් නායකයෙක් නොවුනද අද තමන් නායකයෙක් යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

301 views
Main News