මැතිවරණය පැවැත්වීම හෝ කල්දැමීම ගැන කිසිවෙකුගේ බලපෑම් එපා.. කොරෝනාට පරාජය.. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..- මැකො සභාපතිගෙන් තද නිවේදනයක්..

April 20, 2020 at 12:00 pm | lanka C news
මැතිවරණය පැවැත්වීම හෝ කල්දැමීම ගැන කිසිවෙකුගේ බලපෑම් එපා.. කොරෝනාට පරාජය.. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..- මැකො සභාපතිගෙන් තද නිවේදනයක්..

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය ගැන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය.

අද 2020 අප්රේල් 20 රැස්වීමේදී මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් මැකොස කුමක් කරන්නේද යන්න දේශපාලන ක්‍රියාකාරීහු , මාධ්‍යවේදීහු ඇතුළු අපගේ මිතුරෝ මගෙන් විමසති .මැකොස මතය ගැන මට කිසිවක් නොහැකිය . මක්නිසාද යත් එය තිදෙනකුගෙන් සමන්විත බැවිනි . එමෙන්ම මැකොස තුළ කතා කළ යුතු දේ , විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු , කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම මා හෝ මැකොස අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බැවිනි . .එහෙයින් මා දරණ මතය මට දැන් පුකාශ කිරීමට නොහැකිය

කෙසේවුවද පවත්නා තත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව මැකොස සාකච්ඡා කරනු ඇත .

කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතුය . ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ .

COVID 19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ඇත .

එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැකොසට හැකිවන ඇතැයි අපේක්ෂිතය .

මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට ,කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත . ඉදිරියට දක්වන්නේද නැත .

මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය .

අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .

COVID 19 ට පරාජය !!!
ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!

336 views

80 Comments to “මැතිවරණය පැවැත්වීම හෝ කල්දැමීම ගැන කිසිවෙකුගේ බලපෑම් එපා.. කොරෝනාට පරාජය.. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..- මැකො සභාපතිගෙන් තද නිවේදනයක්..”

  1. Kgs basnayake says:

    EC is not an independent commission. Rajan Hoole is getting advice from Unp and sumanthiran.
    Deshapriya do loku talks with help other government enemies. How can we say that this is an independent commission?
    EC is also responsible for delaying several elections in the country.
    This Deshapriya is playing with everyone to save his ass.

  2. ajantha says:

    IF NO ELECTIONS, ABOLISH THE ELECTION COMMISSION,WHY THE HELL WE SPEND HUGE AMOUNT OF PUBLIC FUNDS TO MAINTAIN E.C, DONT PAY ANY SALARY OR OTHER PERKS TO MAKO & HIS MEMBERS.

  3. ajantha says:

    ELECTION COMMISSION IS AN IDEAL ROLE-MODEL FOR INEFFICIENT &POLITICALLY BIASED PUBLIC SERVANTS.

  4. Saku says:

    මල්ලි ගෙ ඩොලර් වලින් පොදු අපෙක්ෂකයකු වෙයි වගෙ 2025 දි පුතානො ට කෙලවෙයි වගෙ
    අන්තිමට දාන කාල්ල අල්ලුවෙ නෙහෙ

  5. සුදු මහත්තයා says:

    අරයගේ මෙයාගේ වහලෙක් නොවී, තමන්ගේ ප්‍රදේශයට වැඩක් කරන්න පුළුවන් හොදම එකා පාර්ලිමේන්තු යවමු
    වර්ග කරන්න

    ගෝථාභය රට කරන්නේ විනයගරුක ත්‍රිවිධ හමුදාව සහ ඒ ඒ ක්ශේස්ත්‍රයේ සුපිරි වැඩ්ඩෝ මුල් කරගෙන.

    මහින්ද ? රනිල්?
    එයාලත් එහෙම තමයි රට කලේ සහ කරන්නේ. එක එක හොරකම් වල කෙල පැමිණි සුපිරි වැඩ්ඩෝ මුල් කරගෙන.

    දැන් අපි මොකද කරන්න ඕනි.
    අපිද? අපි ඉතින් මීහරක් වගේ ඔය ඉන්න උන්ටිකම පර්ලිමේන්තුවේ යවලා ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලන් ඉන්නවද? නැත්නම් පාට පක්ෂ බලන්නේ නැතුව තමන්ගේ ගමට වැඩ කරන්නේ කව්ද කියලා බලලා අන්න එයාව පාර්ලිමේන්තුවේ යවන එකද?

    වෙනසක් කරමු.
    මහින්දගේ, රනිල්ගේ, අනුරගේ අරයගේ මෙයාගේ වහලෙක් නොවී, තමන්ගේ ප්‍රදේශයේ චන්දේ ඉල්ලන තමන්ගේ ප්‍රදේශයට වැඩක් කරන්න පුළුවන් හොදම එකාට උදව් කරමු.

    රෝහණ කේ අමරකෝන්

  6. Wants to know says:

    During the 2011 local government elections in Sri Lanka Hoole documented and reported on violations of electoral law by the Eelam People’s Democratic Party, a government backed paramilitary group led by government minister Douglas Devananda. After Devananda complained to the police about the “defamatory article”, Hoole gave a statement to the police on 2 August 2011. On 4 August 2011 the police summoned him to appear at Kayts magistrates court the following day, telling him that he may be remanded. Hoole did not attend the magistrate but instead sent his lawyer N. Srikantha. The magistrate found Hoole to be in contempt for not attending in person and issued a warrant for his arrest if he did not attend the court on 15 August 2011. Fearing detention in Kayts, Hoole fled Sri Lanka . TNA hoole is trying to flee the country again…..?

    හුල් 15 August 2011 කය්ට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව මගහැර (USA) විදේශ ගතවී නැවත ලංකාවට පැමිණ මැතිවරණ කොමිසමේ නිළයක් දරන්නේ කෙසේද ?

  7. Ape Eka says:

    මේ වන විට ඡන්දය පැවත්වීමට වැඩිම විරෝධයක් සහ බලපෑමක් එල්ලකොට ඇති පිරිස වන්නේ මොන්ගල් සජිත්ගේ පිරිවර සහ 3% නර පණුවන්ය. එසේ බලන විට මොහුගේ පිලිතුර වඩාත් අදාල වන්නේ ඡන්දයට විරුද්ටව බලපෑම් කරන එම පිරිස වෙතය.

    එසේ වුවද Hadu son සහ කෝ කොරෝනාද අල්මේදා ( බොහෝ විට කෝ . රොනාල්ඩෝ) ඇතුලු කුලියට ලියන බත් බැලයන් මේ චූන් වී ඇත්තේ කුමක් නිසාදැයි විශාල ගැටලුවක් පැන නඟී.

    පුදුම විය යුතු නැත තමාගේ ස්වාමියන්ගේ කටු ලෙව කන උන් පිරිසගේ මොන්ගල් මොල්වල තරම එයින්ම පැහැදිලිය.

    උන්ටත් උන්ගේ මොනාගල් comments වලට මුදල් ගෙවුම්ද කරන මොන්ගල් ස්වාමියන්ටද දෙවියන්ගේම පිහිටය.

    ඡන්දය තැබූ පසු ලෙවන්ට කටුවක් හෝ නොලබන උන් ගැන කණගාටුව හැර වෙන කුමක් නම් පකාශ කරන්නද ?

  8. දුටුගැමුණු says:

    මේ යකා අමු පිස්සේක්. පර සුද්දන් ගේ පස්ස හෝදන පර හිවලෙක්.
    මූව මහ ඡන්ද යෙන් පස්සේ රටින් පිටුවහල් කල යුතුය.

  9. මෝ says:

    මචෝ මැකෝ,උබත් උබේ අය්යගෙ කපාපු පලුවමයි මචං.උබ ප්‍රජාතන්ත්‍රවාදෙ කතා කරනව උබේ කොමිසමේ එකෙක් ජාතිවාදෙ වපුරනව.උබ අවංක එකෙක් නං කෙලිං කතාකරපං මචං.ජනතාව මෙදා පාර ගේමට එන්ටර් වෙලා ඉන්නෙ.චන්ද ප්‍රචාර ඕනෙ නෑ.මෙදා පාර හරියටම ශොට් එක දෙනවා.උබ කඩේ යන ගැන්සිය ටොපිය කනවාමයි.බොටත් සුවිප් එක ඇදෙනවා,මචෝ ඔය විදියට ගියොත්.කොමිසම අපක්ශ පාතීව ස්වාදීනව මෙහෙයවපං ජෝකරයෙක් නොවී.

Main News