මැතිවරණය හැකි තාක් ඈත දිනක පැවැත්වීමට කොමිසම සැලසුමක..

June 4, 2020 at 3:31 am | lanka C news
මැතිවරණය හැකි තාක් ඈත දිනක පැවැත්වීමට කොමිසම සැලසුමක..

මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දීර්ඝ කාලයක් ලබා ගැනීමට සූදානමක් ඇති බවට සැක මතු වණ බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහන් කරයි.

එහි ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු පෙන්වා දුන්නේ දිගින් දිගටම මැතිවරණ කොමිසම කටයුතු කලේ මැතිවරණය පැවැත්වීමේ අදහමින් නොව මැතිවරණය නොපැවැත්වීමේ අදහස මූලික කරගෙන බවයි.

මැතිවරණ නාම යෝජනා භාර ගෙන අවසන්ව තිබියදී මැතිවරණය පැවැත්වීම සඳහා තවත් සති ගණනාවක් ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්දැයි පැහැදිලි නැතැයිද ඔහු පැවසීය.

සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇත්තේ ශරීර දුරස්ථ භාවය රැකගෙන මැතිවරණ පැවැත්වීම මිස කාලය දුරස්ථ කිරීමට නොවන බව ද ඔහු සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් වන රාජ්‍ය සේවකයන්, අත්‍යවශ්‍ය උපකරණ, අමතර ගොඩනැගිලි, සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ආදිය තවත් අවශ්‍ය නම් එය රජය විසින් ලබා දෙනු ඇති බවත් කාලය දීර්ඝ කිරීමේ උත්සාහයක යෙදෙන්නේ පදනමකින් දැයි තමනට නොතේරෙන බව ද ඔහු කියා සිටියේය.

204 views

29 Comments to “මැතිවරණය හැකි තාක් ඈත දිනක පැවැත්වීමට කොමිසම සැලසුමක..”

  1. jayantha says:

    මැතිවරණ කොමිසමේ ඉන්න කොමසාරිස්හොරු තුන්දෙනාම දන්නවා ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ ඔවුන්ට කොමිසමෙන් යන්න වෙන විත්තිය. එහෙම උනොත් තමන්ට ලැබෙනා විශාල දීමනා, Salary, වාහන සහ සමාජ පිලි ගැනීම ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ Set එක බලන්නේ පුළුවන් තරම් මැතිවරණය කල් දාගන්න. නැත්නම් මැතිවරණ කොමිස Rocket Engine හදන්නේ නැහැනේ මැතිවරණය තියන්න මාස දෙක තුනක් ඕන කියන්නේ. හොද වෙලාවට මේ යක්කු ටික ඉන්දියාවේ හිටියේ නැත්තේ එහෙ හිටියානම් අවුරුදු 2ක කාලයක් ඕනෙයි කියයි මැතිවරණය තියන්න.

  2. Saradiel says:

    මැතිවරණ කොමිසම නඩු තීන්දුවෙන් අසරණ වෙලා දැන් පරණ සෙල්ලම් ඉවරයි චන්දය අගෝස්තුවේ ඉස්තිරයි.

  3. ප්‍රසන්න says:

    සුනන්ද දේසඅප්‍රියගෙ මල්ලිගෙ වැඩ!

  4. මැකෝගෙ පුක ලබු කරටිය says:

    එහෙම කලොත් මැකෝ ඉල්ලන් කෑමක් වෙනවා සිකුරුයි . එවිට මේ කොරෝනා තත්ත්වය තුල රටේ එකාධිපති ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ඉතාමත් රුකුලක් වනු ඇත. අවසාන ප්‍රතිඵලය වනුයේ රුකුල් දුන් අයම එම පාලන්යේ පලමු ගොදුර බවට පත්වීමයි

  5. අල්ලපු ගෙදර තිනන් says:

    නම පමණක් ස්වාධීන මැතිවරණ කොමිසම.

  6. Joshep says:

    I think Election Commission is a trap. Former Gov. has done this. It’s Ranils work.Commisioner is a no 1 Joker in this country. Negative minded fellow.

  7. Joshep says:

    I think Election Commission is a trap. Former Gov. has done this. It’s Ranils work.Commisioner is a no 1 Joker in this country. Negative minded fellow.

Main News