මැතිවරණ උණුසුම අතරතුර ෆේස්බුක් තහනමක් ?

November 11, 2018 at 5:30 pm | lanka C news
මැතිවරණ උණුසුම අතරතුර ෆේස්බුක් තහනමක් ?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටෙහි පවතින දේශපාලන අස්ථාවරභාවය අතර තුර එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ගේ ෆේස්බුක් ගිණුම් වල පැවති දත්ත රජය විසින් ඉවත්කිරීමේ පුවතක් අද දින අපට දැකගැනීමට හැකි විය.

මෙසේ ෆේස්බුක් ගිණුම් වලින් තිබු දත්ත සියල්ලම පාහේ ඉවත්වී තිබෙනවා යැයි පැවසෙන්නේ එම පක්ෂයේ ප්‍රහල ආධාරකරුවන් පිරිසකගේ යැයි පැවසීම විශේෂත්වයකි.තවද ඔවුන්ගේ මෙවැනිම තවත් ආධාරකරුවන් පිරිසකගේ ෆේස්බුක් ගිණුම් ෆෙස්බුක් ආයතනය මගින් ක්‍රියාවිරහිත කර ඇති බවයි.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස අප සමුහයට පැවසීමට ඇත්තේ සමානය ජනයා මෙවැනි පුවත් නිසා බියවිය යුතු නැති බවත් මෙවැනි අසත්‍ය පුවත් මීට සතියකට පෙරත් දේශපාලන වාසි උදෙසා ඇතැම් පිරිස් මෙසේ අසත්‍ය පුවත් පතුරාලීමට උත්සාහ දැරූ අතර මෙම අවස්ථාවේදීත් ජනතාවගේ නොමග යැවීමට ඔවුන් සිදුකරන්නේ එයම බවය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

36,992 Viewers

One Comment to “මැතිවරණ උණුසුම අතරතුර ෆේස්බුක් තහනමක් ?”

  1. SL Community says:

    GOOD MOVE… Need to band all accounts who spreading rumours…

Main News