‘මැතිවරණයක් එපා මේ කරන විදිහට රට පාලනය කරන්න’ බොහෝ දෙනාගේ ඉල්ලීමට අගමැති කන් දෙයි..

April 19, 2020 at 3:22 am | lanka C news
‘මැතිවරණයක් එපා මේ කරන විදිහට රට පාලනය කරන්න’ බොහෝ දෙනාගේ ඉල්ලීමට අගමැති කන් දෙයි..

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන තීරණය අනුව කටයුතු කරනවා මිස ආණ්ඩුවට කැමති ආකාරයකට තීන්දු තීරණ ගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසම මහ මැතිවරණයකට යාමට තීරණය කළහොත් රජය ඒ අනුව කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

දැනට රට පාලනය කරන විදිය හොඳ බවත් මැතිවරණයක් අවශ්‍ය නැති බවත් බොහෝ දෙනා පවසන බවත් අගමැතිවරයා සඳහන් කලේය.

කවුරුන් කෙසේ කීවද මැතිවරණ නීතියට පිටින් කටයුතු කළ නොහැකි නිසා මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ අනුව රජය කටයුතු කරනවා යැයිද අගමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

377 views

60 Comments to “‘මැතිවරණයක් එපා මේ කරන විදිහට රට පාලනය කරන්න’ බොහෝ දෙනාගේ ඉල්ලීමට අගමැති කන් දෙයි..”

  1. Gamini Madbura Arachchi says:

    Yes.. No need General election. It is only a waste of money of rs. 8000 million. This is the system we like. Please continue the current system.

  2. තොත්ත බබා says:

    ජනාධිපති තුමාට රට මහින්දා ට බලය

  3. Thilak says:

    No needd parliment election for one year peroid .

  4. Sajith should understand says:

    No use of holding an election if more former guys come to the parliment

  5. හරමාණිස් ලොකුලියන says:

    තවත් අවුරුදු පහකට මැතිවරණයක් එපා!
    ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සමග දැනට සිටින කැබිනට් ඇමති වරුන් 15 දෙනාට ඉතා සාර්ථකව සහ
    කාර්යක්ෂමව රටපාලනය කලහැකිබව පසුගිය මාස 4 1/2 තුලදී මනාව පෙන්නුම්කර ඇත.

  6. චාන්දේ අවශ්‍ය නැ…! කරුණාකර අවුරුදු 25 කට කල් දාන්න says:

    ජනාධිපති යටතේ වැඩ කරන සීමිත ගනනකින් යුත් , අමාත්‍යංශ මන්ඩලයක් ලේකම් වරු, පලාත් ලේකම් වරු සහ ගම් සභා ආදියෙන් යුක්ත සරල පද්ධතියකින් මේ පුංචි රට අඩු වියදමකින් පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැක….!

  7. චන්දේ අවශ්‍ය නැ…! කරුණාකර අවුරුදු 25 කට කල් දාන්න says:

    අගමැති තුමනි…………,!

    චන්දේ අවශ්‍ය නැ…! කරුණාකර අවුරුදු 25 කට කල් දාන්න………..!

    බහුතර ජනතාවගේ කැමැත්ත ඔය 225 ක් වූ, පාර්ලිමේන්තු මේ රටට කොහෙත්ම ඕන නැහැ !

    ජනාධිපති යටතේ වැඩ කරන සීමිත ගනනකින් යුත් , අමාත්‍යංශ මන්ඩලයක් ලේකම් වරු, පලාත් ලේකම් වරු සහ ගම් සභා ආදියෙන් යුක්ත සරල පද්ධතියකින් මේ පුංචි රට අඩු වියදමකින් පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැක….!

  8. chandana says:

    සී ලංකාවෙ වැටෙන්න අාර්ථිකයක් තිබුනෙනෑ 225 හිතාගෙන හිටියට .දැන් යන ගමන හොදයි.පුකේ වියවස්ථාවට වඩා.

  9. තොත්ත බබා says:

    බම්බුව තමා පාර්ලිමේන්තුව නැත්නම් මෙයාට බලය කො ඔවා බොරු කතානෙ

Main News