මැතිවරණ කල් දමා ආණ්ඩුව කරන්නේ එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව සම්මුතින් උල්ලංඝනය කිරීමක්..- මැකො සභාපති

March 18, 2017 at 12:40 pm | lanka C news
මැතිවරණ කල් දමා ආණ්ඩුව කරන්නේ එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව සම්මුතින් උල්ලංඝනය කිරීමක්..- මැකො සභාපති

පලාත් පාලන මෙන් පලාත් සබා මැතිවරණ කල් දැමීම සම්බන්ධව රජයට කිසිම හේතුවක් ඉදිරිපත් කල නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරාධපුර උතුරු මැද පලාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදි පැවසිය.

මැතිවරණ කල් දැමීමෙන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රීලංකාවේ තත්ත්වය පිලිබඳව උත්තරදීම අසීරු වන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානි ගෙන දෙන බවත් ඔහු ප්‍රකාශ කරන ලදි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රීලංකාව අත්සන් තබා ඇති මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව සම්මුතින්ට අනුව රට පාලනය කිරීමේ පදනම නම් ජනතාවගේ කැමැත්ත අනුව පාලනය කිරීමේ ක්‍රමය විය යුතු බවත් මැතිවරණ කල් දැමීමෙන් එම සම්මුතිය උල්ලංඝනය වන බවත් මැ. කොමිසමේ සභාපතිවරයා පැවසිය.

ඡන්දය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව අපි නිතර කියනවා. උතුරු මැද පලාත් සභා මේ සැප්තැම්බර් මාසයේදී විසූරුවනවා. ඒක කල් දානවා නම් එක කරන්න පුලුවන් හදිසී නිතිය ගෙනත් පමණයි. දැන් එහෙම කරන්න බැහ. සර්ව ජන ඡන්ද බලය ලැබිලා අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නැහ. යනුවෙන්ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෙම සැප්තැම්බර් මාසයේදී උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පලාත් සභා තුන කාලය අවසන් වී විසුරුවා හැරෙන බව අනිවාර්යය වේ,

21 views
Main News