මැතිවරණ කොමිසද ව්‍යවස්ථාව කඩයි.. රට අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයක..

June 9, 2020 at 3:32 am | lanka C news
මැතිවරණ කොමිසද ව්‍යවස්ථාව කඩයි.. රට අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයක..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සාමාන්‍යයෙන් මැතිවරණයකට නාමයෝජනා භාර ගැනීම අවසන් වී දින තුනක් ඇතුලත එක් එක් අපේක්ෂකයාගේ මනාප අංකය ප්‍රසිද්ධ කිරීම මෙතෙක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළ පිලිවෙතයි. පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 2020 මාර්තු 19 දින අවසන් වුවත් එයින් මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබිය දී තවමත් අපේක්ෂකයින්ගේ මනාප අංක කොමිසම විසින් ප්‍රසිද්ධ කරලා නෑ.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ විපක්ෂ දේශපාලකයෝ 2020 මැයි 20 දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මැයි 21 දින මනාප අංක ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන හෙයින් මැතිවරණ ඉදිරි කටයුතු වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය සුපුරුදු ලෙස තම කටයුතු කරන මෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා. නාමයෝජනා භාර ගැනීමේ නීත්‍යානුකූලත්වය පිළිබඳ නීතිපතිගේ මතය විමසූ අවස්ථාවේ දී නීතිපති පැවසුවේ පවතින ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන මෙන්. ඒ නිසා මැතිවරණ කොමිසම විසින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම ඇතුළු මැතිවරණයට අදාළ සිය රාජකාරි කටයුතු මාස තුනකට ආසන්න කාලයක් නවතා දමා තිබුණේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිවයි.

2020 මැයි 27 දින මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ ලියැවිලි මුද්‍රණය සඳහා ආණ්ඩුවේ මුද්‍රණාලයට යැව්වත් ඒවා ප්‍රමාද කර මුද්‍රණය කරන මෙන් මැතිවරණ කොමිසම විසින් වාචිකව උපදෙස් දී ඇති බැවින් මුද්‍රණ කටයුතු සිදු වන්නේ මන්දගාමිව බව ආණ්ඩුවේ මුද්‍රණාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතිය චෝදනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වගන්තිය යටතේ මැතිවරණය සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාපිත වගකීමක්. මැතිවරණ කොමිසම එම වගකීම පැහැර හැරලා මැතිවරණය තව දුරටත් කල් දමා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී ඇති බවට ජනතා මතයක් තිබෙනවා. එකී මුද්‍රණ කටයුතු යුහුසුළුව සිදු වන බවට වග බලා ගැනීම කොමිසමේ වගකීමක් බැව් අපි සිහිපත් කරනවා.

මේ කරුණු අඩංගු කරලා වහාම මනාප අංක ප්‍රසිද්ධ කරන ලෙසත් මැතිවරණයට ඉක්මන් දිනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිමින් අද උදෑසන මැතිවරණ කොමිසම රැස්වන වෙලාවට පෙර ලැබෙන පරිදි මම ලිපියක් යැව්වා. මොකද මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ජනතා පරමාධිපත්‍යයට තමයි මැතිවරණ කොමිසම අභියෝග කරන්නේ. මැතිවරණ කොමිසම ද, මැතිවරණ නො පැවැත්වීමේ කොමිසම ද යන ප්‍රශ්නය අද සමාජයට මතුවී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසම වහාම මනාප අංක ප්‍රසිද්ධ කිරීමටත් යුහුසුළුව හැකි ඉක්මනින් මැතිවරණ පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි. අපට රජකාරි ගොඩක් කරන්නට තිබෙනවා ඒ නිසා ඔය කියන ඉක්මනින් මැතිවරණය පවත්වන්න බෑයයි මැතිවරණ කොමිසමට කියන්න හැකියාවක් නැහැ. මොකද මාර්තු මස දෙවැනි දා තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මෙම ඡන්දය ප්‍රකාශයට පත් කළේ. දැන් මාස තුනකට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා හදිසියේ නැගිටලා මේ කියන ඉක්මනින් මැතිවරණ තියන්න බෑ කියන කතාව අපට පිළිගන්නට බැහැ. ඒ නිසා තවදුරටත් බොරු හේතු ඉදිරිපත් නොකර මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව සලසා දෙන්න කියලා අප මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

ජනපතිගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා

ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට. දැන් එතුමාගේ ධූර කාලයෙන් 10%ක් ඉවරයි. මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා. රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ. ඒ නිසා ජනාධිපතිතුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකල යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.

ඇමෙරිකානු ගිවිසුම්වලට අපේ විරෝධය නිවැරදි බව ඇමෙරිකාව හැසිරීමෙන් පෙන්නුවා

අද ඇමෙරිකාව එකම මළ ගෙයක්. “මට හුස්ම ගන්න බෑ” කියමින් කෙඳිරි ගාපු ජෝජ් ෆ්ලොයිඩ්ගේ හඬ ඇමෙරිකානු ජනතාවගේ හඬ බවට පත් වෙලා සමස්ත ඇමෙරිකාව පුරා ලතෝනි දෙනවා. පසුගිය ආණ්ඩුවට ඇමෙරිකානු එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කරන්නට එම්සීසී ගිවිසුම අත්සන් කරන්නට අපි ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් නේද? එම්සීසී ගිවිසුමේ 6.8 වගන්තිය අනුව එහි නිලධාරින් ශ්‍රී ලංකාව තුල කරන කිසිම අපරාධයකට එරෙහිව නඩු පවරන්න දඬුවම් කරන්න බෑ. ඒ වගේම සෝෆා ගිවිසුමේ තුන් වන වගන්තිය අනුව ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාව රට තුල කුමන අපරාධ කළත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බෑ.

මේ ගිවිසුම් අත්සන් කළා නම් රටට ගොඩ බහින්නේ ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කරපු සාමකාමි උද්ඝෝෂකයින් තල්ලු කරලා බිමට ඇද දාපු සාමකාමි උද්ඝෝෂණ මැදට වාහන ධාවනය කරපු ඇමෙරිකානුවන්. මේ ගිවිසුම් මගින් ඇමෙරිකානුවන් කරන අපරාධ වලට මුක්තියේ රැකවරණය ලබා ගෙන තිබෙන්නේ ඇයි? ඇමෙරිකානුවන් ලංකාවේ දී අපරාධ කිරීමට ඉඩ ඇති බවට ඔවුන් දන්නා නිසා. ජපානයේ පිලිපීනයේ දකුණු කොරියාවේ දැනටමත් අපරාධ කරමින් සිටින නිසා. මේ ගිවිසුම් නතර කිරීමට අප කටයුතු කිරීම නිවැරදි බව ඇමෙරිකානු නිලධාරින් ඇමෙරිකානු පුරවැසියන්ට කරන ම්ලේච්ඡ ප්‍රහාර වලින් ඔප්පු වී තිබෙනවා.

ඇමෙරිකානු නිලධාරියෙකු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වෙලා ගුවන් තොටුපලේ දී පීසීආර් පරීක්ෂණයකට ලක් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කර තියෙනවා. අර ගිවිසුම් අත්සන් තැබුවා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්නේ මෙවැනි උද්ධච්ඡ නිලධාරින් නේද කියන එක මෙම ගිවිසුම් කළයුතුයැයි විපක්ෂයේ සිට හඬ නගන මංගල සමරවීර මැතිතුමාට අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

362 views

25 Comments to “මැතිවරණ කොමිසද ව්‍යවස්ථාව කඩයි.. රට අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයක..”

  1. Nimal says:

    Mathiwarana komisame pathwim denakota pawul pasubimath balanta ona rata pawadunna mallita thiyena jana thamai aiyatath thiyenne

  2. n.s fasions kurunegala says:

    kumantharana commission

  3. Ran says:

    මැතිවරණ කොමිෂම පක්ෂග්‍රාහී. ජනතාව ඉවසුවා ඇති. මැකෝට ගෙදර යන්න ඕන.

  4. Ran says:

    මැතිවරණ කොමිෂම පක්ෂග්‍රාහී. ජනතාව ඉවසුවා ඇති. මැකෝ ගෙදර යන්න ඕන.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    ප්‍රජාතන්ත්‍රවාදයට අමුඩ ගහපු ඇ ජී ඕ නඩේ කෝ දැන්?

  6. Aurora says:

    මැතිවරණ කොමිසමේ අනියම් සම්බන්ධතා අනුව ඔවුන්ගේ හොර ගෑනුන්ගේ කොණ්ඩවලු පටලවා ගැනීම් නතරවෙනතෙක් චන්දෙ ප්‍රමාද කරනවා. කාලයත් සමඟ රජයට වැඩ කරන්න නොහැකිවී රටේ ඇතිවන අසහනකාරී තත්වය යොදාගෙන යමපාලන සෙට් එකට වාසි වෙනතෙක් තමයි ඒ කල් බැලීම. ආණ්ඩුව ඒ උගුලට අහු නොවිය යුතුය. මැතිවරණ කොමිසමේ අරමුණ ජනතාවට පැහැදිලිකර ජනාධිපති බලතල යොදා අවශ්‍ය ව්‍යපෘති දියත්කල යුතුය. ඒ ව්‍යාපෘතිවලදී දැනට ගෙවීම් නතරවී තියන සුදුසු ආයතන සහභාගී කරගැනීම ඔවුන්ට සහනයක් වේවි. කවදා හෝ මැතිවරණය පවත්වන දිනය වනවිට අද පවතිනවාට වඩා හොඳ තත්වයක් ජනතාව ඉදිරියේ තිබුනොත් වැඩි වාසිය රජයටයි. යහපාලන කලකන්නින්ටත් උන්ට පිම්පිකම් කරන ස්වාධීන මැතිවරණ කොමිසමටත් සුදුසු සහ හිමි පරාජය මැතිවරණයෙන් ජනතාව ලබාදෙනු ඇත. එය මැතිවරණ කොමිසමේ පිම්පියන්ට පාරාවළල්ලක් වීම ස්ථිරයි.

  7. ජයා says:

    සමාජවාදී ජෙප්පන්ගෙන් හා කොළ වර්ගවාදී පුතානෝස්ලාගෙන් අවසරයි. මෙවැනි පෝස්ට් දුටු විට ගැරඬින්ට භූමිතෙල් ගැසුවාක් මෙන් ෆීලින් එකක් දැනීම සාමාන්‍ය සිදුවීමකී. එයට කිසි සේත්ම බිය වීමත් සමාජයෙන් කොන් වේ යැයි දැනෙන හැගීමට අනූව ක්‍රියාකිරීම අනුවණ ක්‍රියාවකි. ඒ සදහා ඇපත් නැති වූ 3% වර්දනය කර ගැනීමත් තම පක්ශයේ නාය ගිය කන්ද පුරවා ගැනීමට කටයුතු කිරීමත් ප්‍රතිකාර ලෙස දැක්විය හැක.

  8. Sam Fernando says:

    He is the worst Election Commissioner in Sri Lanka history. He is a sheep in the disguise of a wolf. Terribly dubious and talented in conspiring.
    He must be prosecuted for leading EC against democracy. People have now understood his real motives.

  9. Lanka says:

    Our so called free fair election commisoner is number one traitor He can speak nicely infont of thebmedia. However he is unlawful & pathetic fellow. This election board is very understanding towards Unp politicians. It is ugly truth. He will drag this until this September & try to make it harder for the government.

Main News