මැතිවරණ කොමිසමට කල හැකි කෙං ගෙඩියක් නෑ.. මහින්ද දේශප‍්‍රියට පිං පඩි ගෙවා නඩත්තු කරන්නේ ඇයි…

September 26, 2017 at 4:40 pm | lanka C news
මැතිවරණ කොමිසමට කල හැකි කෙං ගෙඩියක් නෑ.. මහින්ද දේශප‍්‍රියට පිං පඩි ගෙවා නඩත්තු කරන්නේ ඇයි…

මැතිවරණ කොමසාරිස් වහාම ගෙදර යා යුතු බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානයේ කැදවුම්කරැු කුල ශ‍්‍රී කාරියවසම් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ඔවුන් සැලසුම් කළ පරිදිම ශ්‍රේෂ්ඨාධිකරණය ද සමච්චලයට ලක් කරමින් පළාත් සභා ඡන්ද විමසීම කල් දමාගත්තේය. ආණ්ඩුව පලාත් පාලන ඡුන්ද විමසීම් කල් දමමින් සිටින්නේ වසර දෙකකට අධික කාලයක සිටය. ආණ්ඩුවේ මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලිය ගැන , ‘ස්වාධීන මැතිවරණ කොමිසමේ’ සභාපති මහින්ද දේශප‍්‍රිය ද සිය සුපුරුදු රංගනය ආරම්භ කර තිබේ. මැතිවරණ නොපැවැත්වෙන නිසා තමන්ට කියන්නේ ගිනි තබා ගැනීමට දැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීන් කණ්ඩායමක් හමුවේ ඔහු පෙරලා ප‍්‍රශ්න කළ බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණ. එසේම තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවටද විද්‍යුත් මාධ්‍ය සාඛඡු්චාවක දී ඔහු පවසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම් වසර දෙකකට අධික කාලයක් කල් යද්දී බකන්නිලා සිටි දේශප‍්‍රිය මහතා මෙවරද ගිනිතියා ගන්නා කතා කියමින් මාධ්‍ය ඉදිරියේ පුහු වීරයෙකු බවට පත් වීමට උත්සහ කරමින් සිටිනු පෙනේ. එසේ උවද ඔහුට එතරම් පහසුවෙන් මෙම චෝදනාවෙන් ගැලවී යා නොහැකිය. මන්ද යත් ඔහුද මේ ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී , නිර්ලජ්ජිත. බල ලෝභී ක‍්‍රියාදාමයේ කොටස් කරුවෙකු වන බැවිනි.

අද වන විට රට තුල පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමය ආරම්භ වූයේ 2015 ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයත් සමගිනි. එකී ජනාධිපතිවරණ ප‍්‍රතිපලය ලබා ගන්නටද එවකට මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වූ මේ මහින්ද දේශප‍්‍රිය මහතාද හවුල්කරුවෙකු වූවේය. 2015 ජනාධිපතිවරණයට අදාලව ඊට පෙර වසරේ ඡුන්දදායක නාම ලේඛනය කඩිමුඩියේ ප‍්‍රකාශයට පත් කිරීම ඔහුගෙන් ඉටුවූ ප‍්‍රධානම රාජකාරිය විය. ඉන් නොනැවතුණු ඔහු මැතිවරණ අක‍්‍රමිකතා සිදුවිය හැකි බවට ඉඟි කෙරෙන වීර ප‍්‍රකාශ මාධ්‍ය හරහා සමාජ ගත කළේය.

එම සේවය වෙනුවෙන් ඔහුට ලැබුන සන්තෝෂම වන්නේ විශ‍්‍රාම වයස පසු කල වහාම ඊනියා ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කොට එහි සභාපතිවරයා ලෙස පත් කිරීමය. එය එසේ උවද එම කොමිසම ස්ථාපිත කරන අවස්ථාවේ මෙරට ජනතාව ඒ පිලිබඳ යහපත් සුභවාදී ආකල්ප ඇති කර ගත්හ.

එහෙත් මේ වන විට මේ ඊනියා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය මෙරට ජනතාවට ඉතා පැහැදිලිව අවබෝධ වී තිබේ. කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මැතිඳුන් කියන අන්දමට ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට තීරණය කරන තුරු කොමිසමට කල හැකි කෙන්ගෙඩියක් නැත. දෙපාර්තමේන්තුව තිබෙන විටද තත්ත්වය වූයේ එයයි. එසේනම් මෙවැනි කොමිසමකින් ඇති පලය කුමක්ද? විශ‍්‍රාම ගිය පසුත් මහින්ද දේශප‍්‍රිය මහතා වැනි අය මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි?.

ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටීම තමන්ට ද මහා ප‍්‍රශ්නයක්ව ඇති බව කියන්නට මැතිවරණ කොමිසමේ බලධාරියා ගන්නා උත්සාහය තම තනතුර රැුක ගැනීමට කරන රංගනයක් මිස සත්‍ය නොවන බව මේ රටේ ජනතාව මේ වන විට තේරුම් ගෙන ඇත. මට කියන්නේ ගිනි තියාගන්නද වැනි අතිශය බොළඳ, භාවතිෂ ප‍්‍රකාශ ආණ්ඩුවේ සැලසුමේ ම දෙබස් බව ජනතාව දනිති. ඔහු ඉල්ලා අස්වීමට සූදානම් බව කියන්නේ ද ලබන වසරේ දෙසැම්බර් මාසය වන තෙක් මැතිවරණ නොපැවතුනහොත් පමණකි. ලබන වසරේ දෙසැම්බර් මාසයේදී මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් වීමට නියමිත අතර දේශප‍්‍රිය මහතා මේ සූදානම් වන්නේ මැතිවරණ නැතැයි කියමින් නාහෙන් අඩමින් එතෙක් තනතුරේ රැදී සිටින්නටය.

එය එසේ නොවන්නේනම් තව දුරටත් මෙවැනි දෙබස් කියමින් මෙරට ජනතාව රවටමින් නොසිට ඇත්ත වශයෙන්ම ආණ්ඩුව තමන්ට මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදෙන්නේනම් ඒ බව රට හමුවේ ප‍්‍රකාශ කොට තම සත්‍යවාදී බව තහවුරු කොට වහාම තනතුරෙන් ඉල්ලා අස්වී ගෞරවාන්විත මිනිසෙකු ලෙස ගෙදර යන ලෙස අපි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට අභියෝග කරමු.

කුල ශී‍්‍ර කාරියවසම්
කැදවුම්කරු
ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය.

157 views