මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..

May 17, 2020 at 3:50 pm | lanka C news
මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය හා මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තුළ එකඟතාවයක් නොමැති වීම නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්ෂ දැඩි අසීරුතාවයකට පත්ව සිටී.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ කොමිසමේ නිලධාරීන් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති නමුත් කොමිසමේ ඇතැම් සාමාජිකයන් දැඩි මත දැරීම නිසා එකඟතාවකට පැමිණි පැමිණීමට නොහැකි වී තිබේ.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය කාලවලදී යුද ගැටුම් ස්වභාවික විපත් කෝලාහල වසංගත ආදිය පැවැත්වෙද්දී අවශ්‍ය ආකාරයට කළමනාකරණය කරමින් මැතිවරණ පැවැත්වූ බවයි.

පවතින තත්ත්වය තුළ මැතිවරණය නොපැවැත්වීමෙන් කොමිසම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බවද ඔවුන්ගේ අදහසයි.

577 views

39 Comments to “මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    නමට ස්වාධීන මැතිවරණ කොමිසමක්. තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා, දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පිහිටුවා ගත් කොමිසම් නිසා රටක් ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ. මැතිවරණ තියන්න බැරි කොමිසම විසිරුවා හරිනු.

    • හැලීගේ ධූම කේතුව says:

      කොහෙද කියපන් මැතිවරණ කොමිසම පක්ෂපාතී උනේ කියලා. රටේ නීතියට ගරු කරන එකද ? නැත්නම් නන්දසේන ට කඩේ නොයන එකද ? පලයන් බත් බැලයා යන්න. මැතිවරණ කොමිසම කියන්නේ පෙට්ටි කඩයක් කියලා හිතුවද ? විසුරුවන්න ත් පාර්ලිමේන්තුව ඕන. ඒකවත් දන්නේ නැති නූගත් පාරයෝ.

      • අල්ලපු ගෙදර තිනන් says:

        කතාවෙන්ම තමුන්ගේ තත්ත්වය පෙනෙනවා. මෙතනට කවුරුත් එන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒක ඉවසන්න බැරි නම් මේ වගේ තැනක් තමන්ට සුදුසු නෑ.

        මැතිවරණ කොමිසම පසුගිය යහපාලන ආණ්ඩුව පුරාවටම ඡන්ද තිබ්බද? ඡන්දයක් තියන්න අධිකරණ මැදිහත් වීමක් අවශ්‍යම වුණා. සිරිසේන ගොයියා නොහිටින්න 2019 ජනාධිපතිවරණයත් තියෙන්නේ නෑ. දැන් අධිකරණ තීන්දුවක් දීල තියෙනවා මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු, මනාප අංක ලබාදීමට හැකි බව. එහෙම තියෙද්දී මනාප අංක ප්‍රකාශ කරන්නේ නැතිව ඉන්නෙ මොන නීතිය අනුව ද? ඡන්දය නොතියා ඉන්න හේතු හොයන ඡන්ද කොමිසම මොකටද?

        කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් බලාගන්න පුළුවන් වෙයි බත් බැලයා, පරයා කවුද කියලා.

  2. Nandasoam Suriyarachchi says:

    අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් උනා, මනාප අංක ගැසට් කිරිම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්න කියල……!

    අධීකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල, කොමිසමට බලය දුන්න මැතිවරණ ක්‍රියාදාමය දිගටම කරගෙන යන්න කියල…..!!

    ඒත් කොමිසම පෙත්සම්කරුගේ භූමිකාවට ජීවය දෙමින් මනාප අංක නිකුත් කිරීම කල් දානව…..!!!

    මෙහෙම ක්‍රියාත්මක වන කොමිසමකින් කොහොමද සාධාරන මැතිවරණ බලාපොරොත්තු වෙන්නෙ…..!!!!

    • අල්ලපු ගෙදර තිනන් says:

      19 හරහා නමට ස්වාධීන වැඩ පරාධීන මැතිවරණ කොමිසම පිහිටුවා ගත්තේ ඕහොම කරන්න තමයි. 19 වැනි සංශෝධනය වහාම ඉවත් කළයුතුයි.

    • කුඩු ලන්සා says:

      Mr. Nanadasoma බුරුආරච්චී, අද උදේට කෑවේ පුන්නක්කුද ? මනාප අංක ගැසට් කරොත් පහුවදා ඉඳන් කැන්වසින් යන්න පුළුවන්. ඒක කරන්න තිබ්බ කොරෝනා ඉවර වෙලා රට යථා තතත්වයට පත්වෙලා ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ම ඉවත් කරලා නම්. ආණ්ඩුව හදන්නේ ඇඳිරි නීතිය දාගෙන මානව අයිතිවාසිකම් උල්ලංගනය කරලා ඡන්දෙ තියන්න නම්, මැකෝ කීයටවත් ඒකට ඉඩ තියන්නේ නැහැ.

  3. Nandasoma Suriyaarachchi says:

    හූල් පෙත්සම්කරුගේ භූමිකාවට ජීවය දෙමින් මනාප අංක නිකුත් කිරීමට විරුද්ධ වෙයි……!

    • True Nature says:

      මැතිවරණ කොමිසම තමන්ගේ වැඩේ වෙලාවට කරයි. කොහෙවත් යන උත්තිගේ පුතාල අවශ්‍ය නැහැඋපදෙස් දෙන්න. නොකා පුදී ගිහින් වැඩක් බලා ගනින්

  4. Kamal says:

    Mul putu deka thama wena wena deshapalana matha walata wada. Oya dennawa pannuwanam hari

  5. jeppa says:

    hoool tamil diasporawa wisin rata awul kireemata thamanta wasi dayaka deshapalanayanta sahaya dakweemata ape moda deshapalakayanata prajanththarawadaya namayen kapatikamin oy komisamata dapu ekek….wahama kriyamarga gatha uthuy…19 sanshodayanaya rate palanaya awul kara…ekay demala sandanaya pramuka vipakshe un kattayanta uwamana wela tibune….

  6. ලැවොයිසියර් says:

    පරණ වේවා අළුත් වේවා අපට පා්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. දූෂිත හැත්තකට මන්ත්‍රීකම් දීලා නැවත වතාවක් රට වළපල්ලට ඇද දමන්න එපා.අතිගරු ජනාධිපතිතුමා යටතේ දැනට රටේ සේරම කටයුතු ලස්සනට කෙරීගෙන යනවා. කොරෝනාව අපට ලබා දෙන පණිවිඩය එයයි. කොරෝනාව ආශිර් වාදයක් කර ගනිමු. පරණ හොර නඩ පා්ලිමේන්තුවට රිංගන මඟ අහුරමු. අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු.

  7. Patriot says:

    So called indipendant election board is run by the very bias Tamil fellow. His favourite party is Unp. So what’s the point having this kind of system. Is this democracy ? Where is these NGOs who usually shouts for everything ? Shame on u Hoole ?

Main News